*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

පුවක් එෂැණිං. – අති උත්කෘෂ්ට ඩීසල් නෞකාගමනය

ලාම්කේය ඉටිහාසයේ පෙර නොවී වීරූ ආස්චර්යමත් සිදුවීමක් පුවක් එෂැණිං වෙත වාර්තා වේ..ඊයේ සවස් බාගයේ කොළඹ වරාය වෙත ඩීසල් ඉන්ධන පිරවූ නෞකාවක් ලඟාවීම එම මහාර්ග සිදුවීමයි…එම පුවත කණවැකුනු සැනින් විස්මයෙන් ඇලලී ආහ්ලාදයෙන් ඔල්මොරොම්දම් වී ගිය කණිජ තෙල් බාර ඇමැටිටුමා ද වරාය බාර ඇමැටි තුමාද එසැණින් වරාය බලා දිවගිය බව ටටු ඩට් ආරම්චි මාර්ග සඳහන් කරයි..ඔවුන් සමඟ රාජ්ය නැටුම් කණ්ඩායමද වරාය බලා ගොස් ඇත්තේ මනරම් නර්තනයක යෙදී ඩීසල් නෞකාව පිලිගැනීමටය..
ටං…ටිං…ටුං… ආර්.ආර්. ඒ. විරුවා……එම්.බී.පී. සැමදා…

මේ අතර අගමැටි මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නුදුරු දිනයක එම ඩීසල් නෞකාවේ කපිතාන් වරයාහට සී ලම්කා ඩීසල් බූසණ (1 වෙනි පංතිය) ගෞරව නාමයද නෞකාවෙහි සෙසු කාර්ය මණ්ඩලයට සී ලම්කා ඩීසල් සූරී (2 වනපංතිය) ගෞරව නාමයද පිරිනැමීමට කටයුතු කරන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දුන් බවයි…
ටං…ටිං…ටුං… ආර්.ආර්. ඒ. විරුවා……එම්.බී.පී. සැමදා…

සී ලම්කා ඛනිජ තෙල් සම්ස්තාවේ ප්‍රසම්පාදන අන්සය පහත සඳහන් නිවේදනය නිකුත් කොට ඇත.
ඉන්ධන නෞකාවක් කොළඹ වරායට ළඟාවූ විට එම ඉන්ධන තොගය සහ එහි කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා මඟුල් බෙර වාදන සහිතව දේශීය නර්තන පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි කලායතනයන්ගෙන් මිළ ගණන් කැඳවනු ලැබේ.

ඔබ ඉදිරිපත් කිරීමට අපේක්ෂාකරන නර්තනයෙහි විස්තර සහ සහභාගී කරවීමට අපේක්ෂා කරන නර්තන ශිල්පීන් සංඛ්‍යාව සඳහන් කොට ඔබගේ ප්‍රසම්පාදන අයදුම්පත් ඛණිජතෙල් සංස්ථාවේ පසුපස කසළ රැස්කරන ස්ථානය අසළ තබාඇති ප්‍රසම්පාදන පෙට්ටියට දැමීමට කාරුණික වන්න..
ප්‍රසම්පාදන අයදුම්පතෙහි දෙවන කොටසෙහි වරායෙන් පිටත්වන ඉන්ධන රැගත් බවුසර ඉදිරියෙන් ජංගම රථයක සිට නර්තන ඉදිරිපත් කිරීම උදෙසා මිළගණන් කැඳවා ඇත.
මෙම ඩීසල් බවුසර වරායෙන් පිටත්වී කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට ඉක්බිති ඛනිජ තෙල් සංස්ථා ගබඩා සංකීර්ණයට ඇතුල් වීමට අදහස් කරනු ලැබේ. එම නර්තන සේවා සැපයීම වෙනුවෙන්ද ඔබට වෙනම මිළගණන් ඉදිරිපත් කල හැක…
ටං…ටිං…ටුං… ආර්.ආර්. ඒ. විරුවා……එම්.බී.පී. සැමදා…

“කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුටම ඩීසල් රැගෙන ආ නෞකාවක් පිළිගැනීම සඳහා වරායට යාමට කාලය තිබීම ගරු ජනාපෙතිතුමාගේ ගතවූ දෙවසරක පාලන කාලය තුල රටේ අනෙකුත් සියලුම ප්‍රස්න විසඳා අවසන්බවට ලැබුනු හොඳම සහතිකයක්නොවන්නේද?” යනුවෙන් පෝට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු මේ අතර දිගට හරහට පෝස්ට් පලකරමින් ප්‍රස්න කරති..ජනාපෙතිතුමා පේල් පේල් පේල් කියා කඩාකප්පල්කාරීන් කොතෙක් හඬ නැඟුවද එතුමා ඉහලිම්ම පාස් බවට මේ වනාහී ඇස් පනාපිට සාක්සි බවද ඔවුහු සඳහන් කරති..
ටං…ටිං…ටුං… ආර්.ආර්. ඒ. විරුවා……එම්.බී.පී. සැමදා…

මේ අතර ඉදිරියේදී ඉන්දියාවෙන් ණයට නොකඩවා ඩීසල් නෞකා කොළඹ වරායට පැමිනීමට නියමිත බැවින් එම නෞකා පිළිගැනීම සඳහා “ඩීසල් නෞකා පිළිගැනීමේ සහ ඉන්දීය තානාපති සමඟ ඡායාරූප වලට පෙනී සිටීමේ කටයුතු භාර රාජ්‍ය ඇමති” යනුවෙන් ධුරයක් පිහිටුවා ඒ සඳහා ඉතාම සුදුසු අවියත් මඟෙහි සාමාජිකයෙක් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව තෝරා පත්කිරීමට අටිගරු ජනාපෙති තුමාගේ අටිගරු අවදානම යොමුවී ඇතැයි අටිගරු ජනාපෙති මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Ravi Weerasinghe – Facebook

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan