බෝම්බ ප්‍රහාරයකට වැරදිකරුවන් වූ ඉන්දියානුවන් 38 කට මරණ දඬුවම

0
275

ඉන්දීය අධිකරණයක් මගින් පුද්ගලයන් 38 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

වසර 14 කට ඉහතදී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිදුකළ බෝම්බ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ සැකකරුවන් පිරිසකටයි මෙසේ දඬුවම් නියම කර තිබෙන්නේ.

2008 වසරේ ජුලි 26 වැනිදා ගුජරාට් අහමදාබාද් නගරය පුරා පැයක් ඇතුළත බෝම්බ 20 ක් පමණ පුපුරවා හැර තිබූ අතර ඉන් පුද්ගලයන් 57 දෙනෙකු මරණයට පත් විය. ඉන්දියානු මුජහිදීන් නමැති සංවිධානයක් විසින් මෙම බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම බාරගෙන තිබිණි.

පුද්ගලයන් 80 කට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර ඉන් 28 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරිණි.

විත්තියේ නීතිඥයන් අධිකරණයේදී කරුණු දක්වමින් ඉල්ලා තිබෙන්නේ සැකකරුවන් වසර 13 කට වැඩි කාලයක් සිරදඬුවම් විඳිමින් සිටි නිසා ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here