සජබ දෙවැනි සංවත්සර රැළිය සල්ගාදු ක්‍රීඩාංගනයේදී

මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

රැළියේ සංවිධාන කටයුතු වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති අතර මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකට එහි වගකීම් පවරා තිබෙනවා.

පොදුජන පෙරමුණ පසුගියදා පැවැත්වූ සල්ගාදු රැළියට අභියෝගයක් ලෙස ඊට වඩා සාර්ථක රැළියක් එම ක්‍රීඩාංගනයේදීම පවත්වා ජනතා බලය පෙන්වීමට සූදානම් බව පසුගියදා සජබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මෙම රැළියට සමගාමීව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ වනු ඇත. ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් ඊට සූදානම්ව සිටින ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...