*
Tuesday, May 20, 2025
spot_img

Latest Posts

මතීශ,ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණය උදුරා ගනියි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 18 කොළඹ (LNW): ටෙස්ට් සහ එක්දින තරගවලදී අත් පත් කරගෙන සිටි අපරාජිත බව තව දුරටත් රැක ගනිමින්,විස්සයි විස්ස තරග සම්ප්‍රදායේ ලෝකයේම අවධානය දිනා ගත් ක්‍රීඩක පොකුරක් සිටින ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 4 න් පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඊට වඩා අභියෝගයක් එල්ල කළ හැකි මට්ටමට ශ්‍රී ලංකා ලකුණු පූවරුව නොනැගීම ගැන අපරික්ෂාකාරී වූ ශ්‍රී ලංකා පසුපෙළ වගකීම භාරගත යුතු වෙනවා. එසේම ලබාගත් ලකුණු 160 ට එරෙහිව ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 156 දක්වා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් පන්දුව භාරදීමේදී ක්‍රියා කළ ආකාරය හේතු වුණා. එසේම යොමු කරන පන්දුව ආවරණයට නිසි පරිද නොපැමිණීමත් හේතු වුණා.එහෙත් පිටියේ පන්දුව රැක ගැනීමේ කාර්යේදී නව පිබිදීමක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දෑත් උපුල් චන්දනගේ මග පෙන්වීම යටතේ වඩාත් සුරක්ෂිත තත්ත්වයට පත් වී තිබෙන බව පැහැදිළි කළා.එහෙත් පන්දුව නැවත භාරදීම සහ එසේ භාරදෙන පන්දුව නිසි පරිදි ආවරණයත් පන්දු රැකීමේ විශිෂ්ඨත්වයටම අදාළ කාරණයක් බැවින් උපුල් යුහුසුළුව ඒ පිළිබඳවත් අවධානය යොමු කරනු ඇතැයි සිතනවා.

කෙසේ නමුත් මේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට දායක වූ ප්‍රධානම ක්‍රීඩකයින් දෙදෙනෙක් සිටිනවා.ලකුණු 55 ට කඩුලු 4 ක් දැවුණු මොහොතේ අභියෝගය භාර ගනිමින් වේලාසන පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග දියත් කළ අපූරු ඉණිම නොවෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 160 කරා යාම අපහසු වෙනවා.එහිදී හසරංග පන්දු 32 දී ලකුණු 67 ක් ලබා ගත්තේ ප්‍රහාරක වේගය 209.37% ක් ලෙස සනිටුහන් කරමින්.එසේම ඔහු පස්වන කඩුල්ලට සදීර සමරවික්‍රම (25) සමඟ ලකුණු 72 ක සබඳතාවයක් තබමින් ද නොනැවතී සිය පන්දු ඕවර් 4 ලකුණු 20 ට එක් කඩුල්ලක් ලබමින් නිමා කරන්නට ද සමත් වුණා.


එහෙත් තරගයේ වීරයා වුණ මතීශ පතිරණ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වැදගත්ම හැරවුම සටහන් කළ ක්‍රීඩකයා ලෙස කැපී පෙණුනා.ලකුණු 24 ට කඩුලු 4 ක් ලබමින් කැපී පෙණුනා වගේම පන්දු 12 දී ලකුණු 14 ක් ජයග්‍රහණයට අවශ්‍යයව සිටි මොහොතේ මතීශ යොමු කළ 19 වන පන්දු ඕවරය විශ්මිත හැරවුම් ලක්ෂයක් වුණා.ඔහු 19 වන ඕවරයේදී ලකුණු 3 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් ම දවා ගෙන අවසාන ඕවරයේ දී ඇෆගන් කණ්ඩායම එක කඩුල්ලක් පමණක් ඉතිරිව සිටින කණ්ඩායමක් බවට පත් කළේ ලකුණු 11 ක ඉලක්කයක් ද සමඟයි.එසේම ඇෆ්ගන් කඩුලු බිඳ වැටීම ආරම්භ කරමින් දැඩි ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටි රහ්මනුල්ලා ගුර්බාස් දවා ගැනීමට මතීහ රැකගත් උඩ පන්දුවත් මේ තරගයේ ඔහුගේ වීරත්වයට හේතුපාඨ සකසන සාධකයක්.
ඒ දක්වා ඇෆ්ගන් කණ්ඩායමට පන්දු ඕවර් 3 දී ලකුණු 38 ක් දී කඩුලු නොලබා සිටි පන්දු යවන්නාට වනිඳු පන්දුව භාර දෙන විට,ශ්‍රී ලංකා ඉණිම හඹා ආ ඇෆ්ගන් කණ්ඩායමේ නැංගුරම වූ නායක ඉබ්‍රාහිම් ෂඩ්රාන් කඩුල්ලේ සිටියේ පන්දු 49 ට ලකුණු 61 ක් ලබා ගෙනයි.නමුත් දැවී ගිය කඩුුලු ප්‍රමාණය නිසා ඔහුට ඔහුම මේ ලකුණු ප්‍රමාණය ලබා ගන්නවා විනා සිය කණ්ඩායමේ අවසාන පිතිකරුවා පිට වගකීම පටවන්නට හිත් දුන්නේ නැහැ.ඒ නිසාම කෙටි ලකුණු ගැන විශ්වාසය තබා පන්දු ප්‍රමාණය සහ ලකුණු ප්‍රමාණය අඩු කර ගැනීම වෙනුවට ඉබ්‍රාහීම්ට ලකුණු 11 තනිව රැස් කර ගැනීමට උත්සාහ කළා.මේ අවස්ථාවේ පන්දු යවන්නා සහ පිතිකකරුවා සිටි පීඩනයන් සමාන වුව ද,එය වැඩිපුර තහන්ගේ පිට පටවා ගැනීමට ඉ්‍රබාහීම් සකස්වෙද්දී බිනුර අත්දැකීමෙන් ප්‍රයෝජන ගනිමින් එම පීඩනය පුළුල් කරනාකාරයෙන් පන්දු යැවීම සිඳු කළා.


විශේෂයෙන්ම දැඩි මතවාදවලට ලක්ව තිබුණ දඹුල්ල ක්‍රීඩාංගණයේ නවීකරණයේ තත්ත්වය ලෝකය ඉදිරියේ දැක ගන්නට ලැබුණ තරගයක් වූ මෙම තරගයට අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සහඝාගි වී සිටි ආකාරයක් දකින්නට ලැබුණා.නවිකරණය වූ පිටියේ කාසියේ වාසිය දිනා ගැනීමේ භාග්‍යය ඇෆ්ගන් නායක ඉ්‍රබ්‍රාහිම් ෂර්ඩාන් ලබා ගත්ත ද,එම තරගයේ පළමු අර්ධ ශතකය වාර්තා කරන්නට මෙන්ම තරගය ජයගත් පළමු නායකයා වන්නට අවස්ථාව උදා කර ගත්තේ වනිඳු හසරංග යි.ඇෆ්ගන් නායකයාත් වනිඳු ලබා ගත් ලකුණු ප්‍රමාණයම ලබා ගත්තත් එම ලකුණු ප්‍රමාණය ජය්‍රහණය සඳහා රැඟෙන යාමට අපොහොසත් වුණා.
සිම්බාබ්වේ අවසාන විස්සයි විස්ස ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජයග්‍රහණයත් සමග එක් ටෙස්ට් තරගයක්,එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරගයක් ලෙස අපරාජිතව සිටිනවා.සිම්බාබ්වේ කණ්ඩායමට තරගයක් පරාජය වීමත්,එම කණ්ඩායම වෙතින් ද පරාජයත්,ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින ඇෆ්ගනිස්තානය වෙතින් අනිවාර්ය පරාජයත් අපේක්ෂා කරන ලද ව්‍යාපෘති මේ වන විට සිටින්නේ මේ ජයග්‍රහණවල එළිය මොට කරන්නට උත්සාහ දරමින්.එවැනි වටපිටාවක වැරදි අඩුපාඩු සකස් කර ගනිමින් නැඟී සිටින්නට ක්‍රීඩකයින්ට අවශ්‍යය නොපසුබස්නා වීර්යය හිඟයක් නොමැතිව තිබෙන බව පෙන් වූ තරගයක් හැටියට මේ විස්සයි විස්ස ජය හැදින්විය හැකියි.විස්සයි විස්ස තරගයක ආරම්භක පිතිකරුව පිටියට පැමිණ හොඳින් පන්දුව දකින පිතිකරුවා කඩුල්ලේ ඉන්න මොහොතේ ද,පීඩනයට එරෙහිව ප්‍රති පීඩනයක් ගොඩ නඟමින් අවසාන ඕවර් 2 ට ලකුණු 14 ක් රැස් කරන්න තිබියදී එය ලබා නොදී ලකුණු 6 ක ජයක් ලැබීම යන්න ඊට හොඳම උදාහරණය ය.පන්දු ඕවර් තුනේදීම සාර්ථක වෙන්නට නොහැකි වූ බිනුර අවසාන ඕවරයේ ලකුණු අතර සිටින පන්දුව හොඳින් දකින පිතිකරුවා පන්දුවට පහර දෙද්දී ද,අලුත් පිබිදීමකින් පිඩනය පිතිකරුවා වෙත ගොඩ නැඟෙන ආකාරයෙන් පන්දු යැවීම ද නැවත නැවතත් සිහි කළ යුතු තරමට අපූරුය.
තරගයේ ලකුණු විස්තරයට මෙන්ම සියලු නිල තොරතුරුවලට මෙතනින්න පිවිසෙන්න.→
https://www.espncricinfo.com/series/sri-lanka-vs-afghanistan-2023-24-1416068/sri-lanka-vs-afghanistan-1st-t20i-1416077/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan