37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුලුව 19 – 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): හෙට (19) දින එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුලුව ආරම්භවීමට නියමිතයි.

හෙට සිට සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී එම සමුළුව පැවැත්විමට නියමතයි.

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වන අතර ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වනු ඇත.

මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යවරු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු හා නියෝජිතයින් රැසක් මේ වනවිට පැමිණ සිටියි.

ඒ අතර ටොන්ගා, පලාවු, වනුවාටු, ෆීජි, නේපාල්, සැමෝවා, මාර්ශල්, ඉරාන්, ජපාන්, නියු, ඉන්දුනිසියා, වියෙට්නාම්, තායිලන්තය, පිලිපීනය, වැනි රටවල් ගණනාවක නියෝජිතයන් පැමිණ සිටියි.

අද (18) දින පෙරවරුවේ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය Qu Dongyu මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ඒ මහතා ඇතුළු පිරිස මධ්‍යහ්න 12ට වැලිපැන්න, පැලවත්ත අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව හා වතුයාය නිරීක්ෂණය කිරීමට නියමිතයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ආරාධනය පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන අතර ඉන් පසු පස්වරු 3.00ට අගලවත්ත රබර් පර්යේෂණායතනය නිරීක්ෂණය කිරීමට ඒ මහතා සහභාගි වේ.

එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සහභාගි වන අතර, හෙට දින (19) නිල වශයෙන් 37වන ආසියා පැසිපික් සමුළුව ආරම්භ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතයි.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා ඇති අතර, පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුව මෙම සමුළුව බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ, එමනිසා මෙම සමුළුව අප රටට ඉතාමත් වැදගත් වන අතර 2026 දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...