අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු අනිද්දා (20)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): ඊයේ (17) දින අභාවප්‍රප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (20) සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු අතර , එම විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ද දැරූ දක්ෂ ක්‍රීඩකයෙකු ද වේ.

1941 වසරේදී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා උපත ලබා ඇත.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වන අතර එම පක්ෂයේ සභාපති ධුරය ද හොබවනු ලැබීය.

2001 වසරේ සිට 2003 වසර දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද 2015 වසරේ දී ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යවරයා ලෙසත්  බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරමින් මහජන සුබසිද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකළ දේශපාලඥයෙකු වේ.

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නල මහජන ක්‍රීඩාංගනයේ දී ලබන අගහරුවාදා පස්වරු 2කට සිදුකිරීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...