චීනය ලබා ඇති ජයග්‍රහණ විශිෂ්ඨයි – Dennis Francis

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් Dennis Francis මහතා කියා සිටින්නේ, යටිතල පහසුකම් සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් චීනය ලබා ඇති ජයග්‍රහණ තමා සියැසින් දුටු බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, එම ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයෙන් අපේක්ෂා කරන තිරසර සංවර්ධන ඉලක්ක හා සැසඳෙන බවයි.

පසුගිය දිනවල චීනයේ සංචාරයක නිරත වූ ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා මේ අදහස් පළකළේ චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. චීනය දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇත්තේ දිගුකාලීන කැපවීම හා අඛණ්ඩ උත්සාහය මගිනි.

චීන ජනතාවගේ ස්වයංවිනය ද ෆ්‍රැන්සිස් මහතාගේ ඇගැයීමට ලක්වූ බව සඳහන් වේ,

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් වශයෙන් චීනය සෑමවිටම එම සංවිධානයටත්, ගෝලීය බහුපාර්ශ්වවාදයටත් සහයෝගය ලබාදෙයි. යටිතල පහසුකම් සංවර්ධනය, දිළිඳුකම තුරන් කිරීම අතින් චීනය ලබා‍ ඇති විශිෂ්ට ජයග්‍රහණ ද සභාපතිවරයාගේ පැසසුමට ලක්විය.

ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා කියාසිටියේ, ජගත් ප්‍රජාවේ සුබසිද්ධිය වෙනුවෙන් චීනයේ මහඟු සහාය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...