*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/18

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තංගල්ල සහ ගාල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි: එම සංචාරයේ දී සංචාරක හෝටල් කිහිපයක් පරීක්ෂාකළ ජනාධිපතිවරයා, ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගැනීම සඳහා ආයතන හිමිකරුවන් සමඟ සාකච්ඡා කරයි: ව්‍යාපාරික ප්‍රජාව විසින් මතු කරන ගැටළුවලට ප්‍රතිචාර වශයෙන් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි: ඒ අනුව විසඳුම් ක්‍රියාත්මක කිරීම සහ කර්මාන්ත සංවර්ධනය සඳහා අදාළ නිලධාරීන් ට උපදෙස් ලබා දෙයි.
  2. යුරෝපා සංගමයේ තානාපතිනි කාර්මෙන් මොරිනෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයේ දී මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ හමුවක් පවත්වයි: පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික දුෂ්කරතා ආදී කරුණු හමුවේ මෙම ව්‍යාපාර මුහුණ දෙන අභියෝග පිළිබඳ විපක්ෂ නායකවරයා කරුණු මතු කරයි: ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙරට ආර්ථිකයට සහ රැකියා අවස්ථා සඳහා සැලකිය යුතු මට්ටමක දායකත්වයක් ලබා දෙන බව ද අවධාරණය කරයි.
  3. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයක දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මුල දී විරුද්ධ වූ පුද්ගලයන් දැන් එය අහෝසි කිරීමට සහාය දක්වන බව පෙනෙන්නට තිබෙන්නේ ජන වරමක් නොමැතිව බලයට පත් වූ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව ද පවසයි.
  4. තමා දේශපාලනයට අවතීර්ණ විමට අපේක්ෂාවෙන් නොසිටි අතර, අතීතයේ දේශපාලන ප්‍රවාහයන් කෙරේ විශ්වාසය තබමින් විවිධ පාර්ශවයන්ට සහාය දැක්වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි: තමා විසින් දැන් ගමනක් ආරම්භ කර ඇති අතර, එය ජනතාව වෙනුවෙන් බව පවසන ඔහු, අතීතයේ විවිධ පාර්ශවයන්ට තමා සහයෝගය දැක්වූයේ ජනතාව වෙනුවෙන් රට ගොඩනැඟීම සහ එය දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් බව ද අවධාරණය කරයි.
  5. රැඳවියන් 185 ක් වූ පුද්ගල ධාරිතාවය අභිබවා යමින් රැඳවියන් 350 දෙනෙකුට ප්‍රතිකාර කිරීම හමුවේ බන්ධනාගාර රෝහලේ රෝගී තදබදයක් හට ගෙන තිබේ: මෙම අර්බුදය කඩිනමින් විසඳන මෙන් බලධාරීහු ඉල්ලා සිටිති: ධාරිතාව ඉහළ දැමීම මෙම මොහොතේ ප්‍රායෝගික නොවූවත්, රෝගීන් සඳහා අවකාශය සපයා දීමට ප්‍රතිකාර ලබන රෝගීන් වහාම මුදා හැරීම කෙරෙහි අවධානය යොමුකරති.
  6. රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳ වැටී සමාජ අනාරක්ෂිතතාවයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ත්‍රෛනිකායක මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අවධාරණය කරති: තිරසාර විසඳුම් මඟින් උද්ගත වී ඇති අර්බුද නිරාකරණය කොට සුරක්ෂිත දේශයක් බිහිකරන මෙන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටිති.
  7. පොරොන්දු වූ පරිදි වැටුප් ඉහළ දමන ලෙස රජයට බල කරමින් එළඹෙන අඟහරුවාදා දින මහනුවරින් ආරම්භ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සංගමය පවසයි: පොරොන්දු වූ වැටුප් ඉහළ දැමීමෙන් තුනෙන් එකක් ලැබුණ ද ඉතිරිය ගෙවීමට රජය අපොහොසත් වීම හමුවේ මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි: මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ රජය ලබා දුන් පොරොන්දු ඉටු කරන තෙක් දින 120 ක් බලා සිටීමෙන් අනතුරුව වන අතර, ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ගුරුවරුන් මත පැටවී තිබෙන මූල්‍ය පීඩනය දරා ගත නොහැකි පසුබිමක ය.
  8. මැතක ඉහළ ගිය වැට් බදු නොතකා මෙම වසරේ ජනවාරි මස නිශ්පාදන සහ සේවා අංශ පුළුල් වී ඇති බව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙන්වා දෙයි: නිෂ්පාදන වර්ධනය රෙදිපිළි සහ ඇඟලුම් මඟින් පෙන්නුම් කර ඇති මුත් උත්සව සමයෙන් පසු ආහාරපාන නිශ්පාදනය පහත වැටී ඇති බව නිරීක්ෂණයකළ හැකිය: සේවා නියුක්තිය සහ මිලදී ගැනීම් ඉහළ ගොස් ඇති මුත්, නැව්ගත කිරීමේ ප්‍රමාදයන් හමුවේ සැපයුම්කරුවන්ගේ බෙදා හැරීම් සිදුවන කාලය දිගු වී තිබේ: පුද්ගල සේවා සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා ඇතුළු සේවාවල වර්ධනයක් දක්නට ඇති මුත් වැට් සංශෝධනය උත්සව සමය අවසන් වීම හමුවේ තොග හා සිල්ලර වෙළඳාම පහත වැටී ඇත.
  9. විදුලි පාරිභෝගික සංගමයේ විරෝධතා නොතකා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ උපදෙස්මත විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ: ඉහළ මිලට හදිසි විදුලිය මිලදී ගැනීම් ඇතුළුව විදුලිබල මණ්ඩලය විසින් අත්තනෝමතික වියදම් දරා ඇති බවට එම සංගමය චෝදනා කරයි: බලපත්‍ර රහිත බලාගාර සඳහා මුදල් වෙන් කිරීම් සහ ඉදි කිරීම් වියදම් පවතින බව පෙන්වා දෙන එම සංගමය, මෙකී කරුණු පිළිබඳව අවධානය යොමුකරන මෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි: මේ අතර, විදුලිය ඉල්ලුම 22% කින් පහත වැටී ඇති අතර, 2023 සිදුකරන ලද මිල සංශෝධනය හේතුවෙන් ආදායම දෙගුණයකින් ඉහළ ගොස් ඇත.
  10. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දඹුල්ලේ දී පැවැති 20-20 තරඟයෙන් ලකුණු 4ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි: වනිඳු හසරංගගේ ප්‍රබල පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිල මුළු ලකුණු සංඛ්‍යාව 160/10 දක්වා ඉහළ ගියේ ය: මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 67කට දැවී ගියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan