ලොන්ඩන් පෙදෙසට අද හවස උණුසුමි වාතාවරණයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 18 කොළඹ (LNW): මහනුවර ක්‍රීඩා සමාජ පිරිමි කණ්ඩායම සහ යුද හමුදාව කාන්තා කණ්ඩායම නිපොන් ජාතික රගර් ලීග් සූරතාවය රැක ගැනීමේ සටනට අද පිවිසෙනු ඇත.මෙවර සූරියන් සහ සූරියන් අවසාන තරගයට මුහුණ දෙන්නේ අපරාජිත කණ්ඩායම් හැටියට නොවේය.මේ වන විට මහනුවර කණ්ඩායම පරාජයට පත් කළ සීආර් කණ්ඩායම අවසාන තරගයේදී මහනුවර කණ්ඩායම සමග සූරයන් වීමේ තීරණාත්මක තරගයට පිවිසෙනු ඇත.එය ලොන්ඩන් පෙදෙසේ පිිහිටි සීආර් නිවසේදී වීම ද මහනුවරට සූරතාවය වෙනුවෙන් කරන සටනේදී විශාල බලපෑමක් කරනු ඇත.අපරාජිකව තමන් පරාජය වී සිටින කණ්ඩායමක් පරාජය කළ යුතුමය යන පීඩනයෙන් තරගයට පිවිසෙන මහනුවර කණ්ඩායම සුපුරුදු පරිදි පළමු අර්ධයේ දි ප්‍රතිවාදීන්ට දෙන අවස්ථාව මේ තරගයේදී ද ඒ ආකාරයෙන්ම සිඳු වුවහොත් නැවත ගොඩ ඒසට සීආර් වෙතින් ඉඩක් ලැබෙනු ඇතැයි සිතීම උගහටය.


කාන්තා අවසාන තරගයද ලොන්ඩන් පැමිණ ඇත.එහිදී ද සූරතාවය රැක ගැනීම වෙනුවෙන් යුද හමුදාව සමඟ තරග වඳින නාවික හමුදා කණ්ඩායම මේ තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටින කණ්ඩායමය.වරක් යුද හමුදාව මේ තරග වාරයේදී පරාජයට පත් කිරීමෙන් වඩා විශ්වාසවන්තව තරග බිමට පිවිසෙන නාවික හමුදා ක්‍රීඩිකාවන් යුද හමුදාව නැවත පරාජය කර සූරතාවය තමන් සතු කර ගැනීමට විශාල උත්සාහයක් දරණු නිසැකය.


කෙසේ වුව ද අද සවස ලොන්ඩන් පෙදෙස රගර් ලාලිත්‍යයෙන් වෙනස්ම උණුසුම් හැඩයක් ගන්නා බවනම් සහතිකය.අපරාජිත බව රක ගැනීමටත් වඩා දිනා සිටින සූරතාවය වෙන කෙනෙක් රැඟෙන යාමේදී එහි හිමිකරුවන්ට දැනෙන පීඩනය වෙනස්ය.බරය.ඒ නිසා අද ලොන්ඩන් පෙදෙසේදී මහනුවර කණ්ඩායම සහ යුද හමුදා කාන්තා කණ්ඩායම තරග වදින්නේ තමන්ගේ අත ඇති දෙයක් උඳුරා ගන්නට උත්සාහ කරන පිරිස් නවතන්නටය.ඒ නිසා එය කළ හැකි බව මූලික වටයේ දි පෙන්වා සිටින කණ්ඩායම් දෙක සමඟ මේ තරගයේදී ඇති විය හැකි අති උණුසුම්කාරී බව ලොන්ඩන් පෙදෙස උණුසුමෙන් පුරවා තබනු නිසැකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...