ජාතික රෝහලේ නීති විරෝධී වැඩ කරන්නේ කවුද කියලා ළඟදීම හෙළිවෙයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): ශ්‍රී ලංකා ජාතික රෝහල තුල මත්ද්‍රව්‍ය ජාවාරම්කරන, ස්ත්‍රී දූෂණ සඳහා චෝදනා ලැබූවන් සහ විවිධ විනය විරෝධී කණ්ඩායම් සමග ජාවාරම් කරන්නේ බෙල්ලන මිස සෞඛ්‍ය කාර්ය සහයකයින් නොවන බව,සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ඒ පිළිබඳ මෙසේ ප්‍රකාශ කර ඇත.

ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා තමන්ගේ රාජකාරි කිසිවක් සිදු නොකොට මාධ්‍ය හරහා මතුවීමට උත්සාහ දරමින් සිටින්නේ, ජාවාරම්කාර යටි අරමුණක් සඳහා බව ඉතා පැහැදිළිය. ජාතික රෝහලට පැමිණි දිනයේ සිටම ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ පැමිණිලි මත වැඩ තහනම් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරන, ස්ත්‍රී දූෂණ සහ විවිධ විනය විරෝධී ක්‍රියාවන් සඳහා චෝදනා ලැබූවන් නැවත සේවයේ පිහිටුවා ගනිමින්, නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය ජාවාරම් සඳහා මෙහෙයුම් මැදිරියක් කර ගනිමින් තිබුණි. මෙම විෂමාචාර ක්‍රියාවන් සඳහා විවිධ පාතාල දේශපාළකයින්ගේද සහයෝගය ලබා ගනිමින්, ජාතික රෝහලෙහි සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිළධාරීන් පවා බිය ගන්වමින් කටයුතු කල ඔහු තමන්ට ජනාධිපතිවරයාගේ සමීප හිතවත්කමක් පවතින බව ව්‍යාජ ලෙස හැඟවීමද, මාධ්‍ය හරහා ඉහල නිළධාරීන්ගේ කීර්ති නාමයට හානි කරන බවට තර්ජනය කරමින් මෙම විෂමාචාර හැසිරීම දිගින් දිගට සිදු කරමින් සිටී.

එබැවින් කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සහ ඔහු ඊට එරෙහිවූවෙකු ලෙස පෙනී සිටීම තවත් නාටකයක ජවනිකාවක් වන අතර, ජාතික රෝහලෙහි සැබෑ ජාවාරම් මෙහෙයවන්නා ඔහු මිස, කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය නොවන බව අප අවධාරණය කරමු.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...