මාධ්‍යයට ප්‍රකාශ නොදෙන්නැයි කොට්ටහච්චිට පක්ෂයෙන් කියලා – කොට්ටහච්චිම මාධ්‍යයට කියයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනප්‍රියතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ ලබා නොදෙන ලෙස පක්ෂයෙන් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

“සමාවෙන්න, මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙන්න එපා කියලා පක්ෂයෙන් මට උපදෙස් ලැබිලා තියෙන නිසා මට මාධ්‍යයට මොකුත් කියන්න බෑ” යනුවෙන් ඇය සඳහන් කළ බවයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ.

නිලන්ති කොට්ටහච්චි මහත්මිය මේ බව පවසා ඇත්තේ පෙබරවාරි 16 වනදා කෙසෙල්වත්ත, ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් කළ විමසීමකදී ය.