වතිකානය හෙලිකළ පාප් වහන්සේගේ රෝගී තත්ත්වය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 19 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වතිකානය අනාවරණ කරන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවයි. උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බව පැවසෙන අතර, ගෙවුණු දින කිහිපය පුරා රෝහල්ගතව කාලය ගතකරන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් බව වාර්තා වේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවෙයි .

මේ වනවිට උන් වහන්සේගේ පෙනහැලි දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි වාර්තා වන අතර, පවතින රෝගී තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේගේ පැවති රෝගී ස්වභාවය තවත් තීව්‍ර සහ සංකීර්ණ වී ඇතැයි රෝහල් බලධාරීන් අනාවරණය කරන බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.

මේ වන විට උන් වහන්සේ CT සහ X කිරණ ඇතුළු පරීක්ෂණ කිහිපයකට ලක්කිරීමටත් කටයුතු කර තිබුණු අතර, ශුද්ධෝත්තමයන් වහන්සේ පසුගිය සතියේ රෝමයේ ජෙමෙල්ලී රෝහලට ඇතුළත් කෙරුණේ බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

නමුත්, උන්වහන්සේ වඩාත් යහපත් මානසික තත්ත්වයක පසුවන බවත්, යාච්ඥා කිරීම වැනි සාමාන්‍ය කටයුතුවල නිරතව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.තමන්ගේ සුව පැවැත්ම වෙනුවෙන් සුබපැතුම් එක්කළ සියලුදෙනාට උන්වහන්සේගේ ස්තූතිය පුද කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...