අලුත්කඩේ උසාවිය තුළ ගනේමුල්ලේ සංජීවට වෙඩි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

පාතාල කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව මෙහිදී මරණයට පත්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔහුව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට අද (පෙබරවාරි 19) පෙරවරුවේ නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණයට සංකීර්ණයට රැගෙන පැමිණ ඇති අතර අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී නීතීඥයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි අයෙකු වෙඩිතබා ඇති බවත් සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්, පුද්ගල ඝාතන, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ගනේමුල්ලේ සංජීව 2023 සැප්තැම්බර් 13 වනදා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් නේපාලයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබිණි. එතැන් සිට මේ දක්වාම ඔහු පසුවූයේ සිරභාරයේ ය.

ඊයේ (18) රාත්‍රියේ මිද්දෙනිය ප්‍රදේශයේදී ද වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එහිදී 39 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණිය මරුමුවට පත්ව තිබූ අතර මියගිය අයගේ පුත්‍රයා ද බරපතළ තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...