අලුත්කඩේ උසාවිය තුළ ගනේමුල්ලේ සංජීවට වෙඩි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

පාතාල කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව මෙහිදී මරණයට පත්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔහුව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට අද (පෙබරවාරි 19) පෙරවරුවේ නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණයට සංකීර්ණයට රැගෙන පැමිණ ඇති අතර අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී නීතීඥයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි අයෙකු වෙඩිතබා ඇති බවත් සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්, පුද්ගල ඝාතන, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ගනේමුල්ලේ සංජීව 2023 සැප්තැම්බර් 13 වනදා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් නේපාලයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබිණි. එතැන් සිට මේ දක්වාම ඔහු පසුවූයේ සිරභාරයේ ය.

ඊයේ (18) රාත්‍රියේ මිද්දෙනිය ප්‍රදේශයේදී ද වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එහිදී 39 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණිය මරුමුවට පත්ව තිබූ අතර මියගිය අයගේ පුත්‍රයා ද බරපතළ තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...