සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 19,(LNW)කොළඹ :
මේ මොහොතේ ලෝකයේ බොක්සිං පරිසරය දැඩි ව්‍යාකූලය. IBA හෙවත් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය 2019 සිටම සිටින්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් නෙරපා හැරය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟ වීමට IBA විසින් කටයුතු නොකිරීම ඊට හේතුව විය.එහෙත් ක්‍රීඩාවක් හැටියට බොක්සිං ඔලිම්පික් තත්ත්වයේ තැබීම ඔලිම්පික් කමිටුව අත හැරියේ නැත.ඔවුන් අවශ්‍යය නිලධාරීන් සම්පාදනය කරමින් දිගටම ඔලිම්පික් ක්‍රීඩාවල බොක්සිං පවත්වාගෙන ගියේය.ඒ නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය ප්‍රතිපත්තිවලට සහ නියාමනයන්වලදි නොසළකන සහ නොතකන IBA සමඟ විරෝධයක් පවත්වාගෙන ගියත් ලෝකයේ බොක්සිං ක්‍රීඩකයන්ට එයින් සිය ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගන්නට ඇති මාවත වැදුවේ නැත.
IBA සභාපති රුසියාවේ උමාර් ක්රෙම්ලෙව්ගේ තනි බලය මේ එකඟතාවය සඳහා නමනීය වශයෙන් ප්‍රතිචාර දක්වන්නට IBA එකඟ නොවීමේ ප්‍රධාන හේතුව විය හැකිය.ක්‍රෙම්ලෙව් රුසියානු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහුට රුසියන් ජනාධිපති පුටින් ආඩම්බර ලෙස අනෙකා සුළුවෙන් තැකීමේ ලක්ෂණද ඇත්තේය.රුසියාව ද තහනම් උත්තේජක සම්බන්ධයෙන් හැසිරුණු නිසා පළමු වරට පැන වූ ඔලිම්පික් වාරණය දැන් එයට යුක්රේන යුද්ධයද ඈදී ක්‍රියාත්මක වෙමින් ඇත.මිත්‍රයාගේ ක්රමයම පෙරට රැඟෙන යන ක්‍රෙම්ලෙව් ද, IBA වාරණයට තුඩු දුන් කාරණා නැවත සැළකිල්ලට ගෙන IBA තහනම ඉවත් කිරීමට අවශ්‍යය පසුබිම සකස් කර ගන්නේ නැත.
මෙසේ නිහඬව සිටි ක්රෙම්ලෙවි නැවත අවදී වී ඇත්තේ ට්‍රම්ප්ගේ සමලිංගික විරෝධය සම සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ක්‍රීඩා අයිතීන් ප්‍රතික්ෂේප කරන අමනුෂික තීරණයත් සමඟය.ක්‍රෙම්ලෙව් ඊට එකඟතාවය දක්වමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හෝමෝන පරික්ෂා නියමයන්ට අනුව රන් පදක්කම් දිනූ ඇල්ජීරියාවේ ඉමානේ කෙලීෆ්ට සහ තායිවානයේ ලින්ග් යූ ටින්ග්ගේ ස්ත්‍රීත්වය පිළිනොගෙන ඔවුන් කාන්තාවන් ලෙස දිනූ ඔලිම්පික් රන් පදක්කම් අහිමි කරන ලෙස IBA නීති මඟට පිවිසෙන්නට සූදානම්ව සිටියි.
ලෝකයේ විනාශයට එරෙහිව සාධාරණය යුක්තිය සහ ආදරය සැපයීම වෙනුවෙන් එකඟ නොවී අනියම් ආකාරයෙන් රුසියාව සහ ඇමෙරිකාව සිය බලය යොදා ගෙන මිනිස් ජීවිතවලට ලැබිය යුතු සාධාරණ අනන්‍යතාවයන් විනාශ කිරීමට එකතු වෙමින් තිබීම විශාල ගැටළුවක්ය.එහෙත් ජාත්‍යන්තර වශයෙන් IBA පාලනයට හෝ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අදහසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟ විය යුතු නැත.එය ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් උළෙලේදි මේ යන තත්ත්වය මත ගැටළුවක් විමට ඉඩ ඇත.ලෝකයේ දියුණුම රාජ්‍යයන් දෙකෙහි පාලනය ඒ රාජ්‍යයන්හී විද්‍යාවේ දියුණුවට වඩා පිටුපසින් සිටින අය අතට පාලනයට ගිය විට ඇතිවන තත්ත්වය දරුණුයඛේදණීය ද වන්නේය.මේ උද්ගතව ඇත්තේ එවැනි මොහොතකි.
හැබැයි ට්‍රම්ප් සහ ඔලිම්පික් සමඟ ඇති සබඳතාවයට වඩා බරපතල,සමහර විට ශ්‍රී ලංකාවටත් මුහුණ දෙන්න විය හැකි බොක්සිං ගැටළුවක් ජාත්‍යන්තර ඔලිම්පික් සමඟ සම්මුඛව තිබෙනවා.එක අතෙකින් IBA සමඟ ගනුදෙනුව තිබෙනවා වගේම මේ වන විට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන හැදෙන ලෝක බොක්සිං සංවිධානය ද (WB) මේ වන විට රටවල් 72 සහයෝගය අනුව ඉදිරියට ගමන් කරමින් තිබෙනවා.මේ තත්ත්වය මත ඉදිරියේදී IBA වෙනුවට WB පෙරට පැමිණිමේ ඉඩක් ද ඇති විය හැකියි.
මේ කාරණය සම්බන්ධයෙන් රටක් හැටියට වගකිව යුතු ආකාරය ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය පමණක් නෙමෙයි රාජ්‍යය ක්‍රියා කරන හැටිත් වැදගත් වෙනවා.පහසුවෙන් ලිහාගන්න බැරි ගැටයකට තියා බැඳ ඇති මේ ගැටය දුර දක්වා නුවණින් ලිහා ගැනීමට කටයුතු නොකළහොත් එක ගැටයකින් තව ගැටයක් සිර වෙන්න තිබෙන ඉඩ වැඩි බව අප පිළිගත යුතුයි.ඒ නිසා ඉතාම ගැඹුරෙන් ලෝකය ගමන් කරන දිශානතිය අනුව ක්‍රීඩාව පමණක් නොව දේශපාලනිකවද ඒ සම්බන්ධයෙන් අවදියෙන් ක්‍රියා කළ යුතුයි.
එහෙත් මේ කිසිවක්ම සිඳු නොවී මාර්තු මාසයේ දී අලුතින් පත්වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා ගනු ලබන තීරණ කවරක් වේද යන්න ද මේ සියල්ල ගැන සිතීමේ දී අමතක නොකළ යුතුයි?
