ගණේමුල්ල සංජීව ඝාතනය:මහජන ආරක්ෂාව තහවුරු කරන්නේ මෙහෙමද? නි. ඇමති වටගල නිහඬයි!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයට පැමිණි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම හමුවේ කිසිත් නොපවසාම එම ස්ථානයෙන් බැහැර වන ආකාරය දැක ගත හැකි විය.

නීතිඥයෙකු ලෙස පැමිණ ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරු අධිකරණ සංකීර්ණයේ CCTV දර්ශන මඟින් හඳුනා ගෙන තිබෙන අතර ඉදිරි කටයුතු වෙනුවෙන් සියලු පියවර ගෙන තිබෙන බව පමණක් නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණි.

ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැත්තාට එරෙහිව විභාගවන නඩු කටයුත්තක් වෙනුවෙන් ඔහුව විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් ආරක්ෂාව මැද අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය වෙත රැගෙන විත් තිබුණ අතර විත්ති කූඩුව තුළ සිටියදීම ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...