A$AP රොකී ට වසර 24ක අච්චුවකින් ගැලවීමට ලක් එකක්!

Date:

සටහන – පුලී
පෙබරවාරි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 සිය ගායනයෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන රිහානාගේ පෙම්වතා වන සුපිරි රැප් ගායක A$AP රොකී, 2021 දී හොලිවුඩයේ ඇති වූ ආරවුලකදී හිටපු මිතුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාල චෝදනාවෙන් වරදකරු නොවන බවට අධිකරණය ඉදිරියේදී ඔප්පු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුන් වතාවක් ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ 36 හැවිරිදි රොකී, ඔහුගේ හිටපු මිතුරෙකු වන A$AP රෙලි ලෙස හඳුන්වන ටෙරෙල් එෆ්‍රොන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් ප්‍රහාරයක් එල්ල කළ බවට අපරාධ දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියේය.

ඉකුත් අඟහරුවාදා රොකී වැරදිකරු නොවන බවට ප්‍රකාශ කිරීමෙන් පසු රිහානා සෝ සුසුම් මැඳ සතුටු කඳුළු වැගිරුවාය. ඔහු වරදකරු වී නම් වසර 24 ක් දක්වා සිර දඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇත.

“මගේ ජීවිතය බේරා ගැනීම ගැන ඔබ සැමට ස්තූතියි” A$AP රොකී උසාවියෙන් පිටව යන විට එහි සිටි ජූරි සභාවට පැවසීය. පසුව ඔහු බෙවර්ලි හිල්ස් හි රිහානා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳිනු ද දක්නට ලැබිණි.

ඡායාරූප – අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...