ඇතැම් ප්‍රදේශවලට මිමී 75ක පමණ තරමක තද වැසි – අද (19) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (පෙබරවාරි 19) දිනයේදී ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර ඌව පළාතෙත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...