ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:වාහන ආනයනය මත පනවා තිබුණු සීමා ඉවත් කිරීමෙන් පසුව මෙතෙක් ඉහළම වාහන ලියාපදිංචියක් සිදුව ඇත්තේ මේ වසරේ ජනවාරියේ දී බව වාර්තා වේ.
ඒ අනුව ජනවාරියේ අළුතින් ලියාපදිංචි කර තිබෙන වාහන සංඛ්‍යාව 55,365 ක් වන අතර ඉන් 64.17% ක් යතුරු පැදි බව සඳහන්.
පසුගිය දෙසැම්බරයේ දී අළුතින් ලියාපදිංචි කර තිබුණු වාහන සංඛ්‍යාව 48,525 ක් ලෙස දැක්වෙයි.


