Home පුවත් ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා!

ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා!

0
6

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර එයට සහභාගී වූ රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්ව තිබුණි.

එහිදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමඟත්, භූතානයේ අගමැති Tshering Tobgay මහතා සමඟත්, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan මහතා සමඟත් ද්විපාර්ශ්වික සාකච්ඡාවකට අද (19)දින එක්වූ බව වාර්තා වේ.

තවද, බ්‍රසීලයේ ජනාධිපති Lula de Silva මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (19) එක්ව තිබුණි.