2024 වසරේ පළමු පාසල් වාරය අද(19) ආරම්භ වේ!

0
277

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): 2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා අවසන්වූ අතර, 2024 වසරේ පළමු පාසල් වාරය අද (19) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත්, ලබන මාසයේ පළමු සතිය වනවිට බෙදා අවසන් කරන බවයි.

පාසල්වල ප්‍රාථමික අංශයේ සියලු සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.