මහබැංකුවේ ඉන්නේ අතිවිශේෂ මිනිස්සු. ඔවුන්ගේ පඩි වැඩිකර ගන්නේ ඔවුන්මයි – මුදල් රාජ්‍ය ඇමති

Date:

ශ්‍රී ලංකා මහබැංකු පනත අනුව මහබැංකුවේ වැටුප් තල තීරණය කරන්නේ මහබැංකුව විසින්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ප්‍රශ්නය – මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමා ඉඳන් විශාල වශයෙන්, ලක්ෂ හතකින් මේ ජනවාරි වෙනකොට පඩි වැඩිකරගෙන තිබෙනවා ?

“ඒකෙ පැති දෙකක් තිබෙනවා. ඔබ කිව්ව පැත්තෙනුත් අපට මේක විශ්ලේෂණය කරන්න පුළුවන් රටක අමාරු වෙලාව කියලා. ලෝකෙ හැම මහබැංකුවක්ම ගන්නෙ අතිවිශේෂ වූ ශ්‍රමයක්, විශේෂ වූ පුද්ගල්යෙක්. ඒ නිසා මහබැංකු පනතේම තියෙනවා මහබැංකුවේ වැටුප් තලයන් තීරණය කරන්නේ මහබැංකුව කියලා ස්වාධීන ආයතනයක් හැටියට. ඒකට හේතුව තමයි මහබැංකුව වගේ දේකට අතිවිශේෂ මිනිසුන් ගත්තෙ නැත්නම් වෙනදේ අපි දැක්කානෙ. මොකද ඒ වගේ විශේෂ ශ්‍රමයක් අපට රඳවාගන්නත් අමාරු වෙනවා. එහෙම ප්‍රශ්නත් තියෙනවා, අපි මේ හැම පැත්තක්ම බලලා තමයි මේවා කතා කරන්න ඕනෙ”

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවර ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...