අපි ඇමතිවරුයි ජනාධිපතියි රුපියල් කෝටි 10,000ක් ඉතුරු කරලා ඒවා තමයි ජනතාවට දීලා තියෙන්නෙ – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා විසින් පුනරාවර්තන වියදම්වලින් රුපියල් බිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර, එය අයවැය හරහා ජනතාවට ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“අපි ආර්ථික අර්බුදයක් තියෙන රටක්. අපි ස්විට්සර්ලන්තෙවත් ලක්සම්බර්ග්වලවත් නෙවෙයි ඉන්නෙ. අපි දේශපාලනඥයින් විදියට, ඇමතිවරු, ජනාධිපති විදියට බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් පුනරාවර්තන වියදම් ඉතුරු කරලා ඒවා තමයි ජනතාවට දීලා තියෙන්නෙ. නැතිව අපට ඩේසි ආච්චිගේ මැණික් මලු නෑනෙ. මම දැක්කා අද කාටුන් තියෙනවා අර පරණ කාටුන්ම ඇඳලා. හැන්දෙ චූටි පැත්ත තියෙනවා ජනතාවට, ලොකු පැත්ත තියෙනවා කොහෙටද ඒක මාර්ක් කරලා නෑ. මේ අයවැයෙන් මොනවද දේශපාලනඥයින්ට බෙදාගෙන තියෙන්නෙ ? මොකුත් නෑ. අපි කොහෙත්ම කියන්නෙ නෑ මේකෙ මේ කේතුමතිය නිර්මාණය වෙනවා කියලා …”

බිමල් රත්නායක ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 20) මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...