සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේන ජනාධිපති ව්ලෑදිමියර් සෙලෙන්ස්කි මැතිවරණයක් නොපවත්වමින් යන ඒකාධිපතියකු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබේ.

පසුගියදා යුක්රේන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපති සමඟ සෞදි අරාබියේදී හමුවී සාකච්ජා කිරීමට සුදානමින් සිටින බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඊට ප්‍රතිචාර වශයෙන් යුක්රේන ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, 2022 යුක්රේනයට එරෙහිව රුසියානු යුද්ධය ආරම්භ වීමට සෙලෙන්ස්කි හේතු වූ බවත්, කිසිදා ආරම්භ නොකළ යුතු යුද්ධයකට යාමට ඩොලර් බිලියන 350 ක් වැය කිරීමට ඔහු ඇමරිකා එක්සත් ජනපදයට කතා කළ බවත් ය.

මෙත් සමඟ එක්සත් ජනපදය සහ යුක්රේනය සමනය කළ නොහැකි විරසකයක් කරා ගමන් කරණු දක්නට ලැබේ.

ඒ අනුව, යුක්රේනය හා රුසියාව අතර පෙර නොවූ විරූ ආතතීන් උත්සන්න වූයේ මොස්කව් වෙත එක්සත් ජනපදයේ ප්‍රවේශයේ මූලික මාරුවක් පෙන්නුම් කරමින් යුක්රේනයේ යුද්ධය මෙන්ම ආර්ථික හා දේශපාලන සහයෝගීතාව පිලිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජනපද හා රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අඟහරුවාදා(18) සෞදි අරාබියේදී රැස් වීමෙන් පසුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...