වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

0
7332

රෂිකා හෙන්නායක පෙබරවාරි 20 කොළඹ (LNW):

අද (20) සිට, වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව ගෙවීම් සිදු කිරීමට සූදානම් කර ඇති බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදු කර ඇත.

ඒ අනුව, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බව පැවසේ.

වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබන බවයි .