සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු ගැන අලුත් තීරණයක්!

Date:

කොළඹ LNW:විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාතයවරයා සඳහන් කරන්නේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19) සිදු වූ වෙඩී තැබීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

අධිකරණය තුළදී ගිනි අවි භාවිතයට ආරක්ෂක නිලධාරීන් සඳහා අවසරය නොමැති නමුත් නිසි ක්‍රමවේදයට ආරක්ෂාව යොදවා තිබුණු බව පවසන අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ අධිකරණ පරිශ්‍රයට පිවිසෙන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් පැවතුණේ නම් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවයි.

ඒ අනුව බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත පදනම්ව මහජන ආරක්ෂක සැලසුම් ශක්තිමත් කිරීම තම අමාත්‍යංශයේ බලාපොරොත්තුව බවයි විජේපාල මහතා කියාසිටින්නේ.

මේ අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිඅක්රන අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ එවැනි සැකකරුවන් අධිකරණයට රැගෙන ඒම වළක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ පහසුකම සැපයීම වෙනුවෙන් පනතද කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...