පොලීසිය මාධ්‍යයෙන් සහය පතයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 20 කොළඹ (LNW):

ඊයේ (19) දින සිදු වූ ගණේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියේදී වෙඩික්කරුට ආධාර අනුබල දීමේ සිද්ධියේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතන අතර, සැකකාරිය පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට ත්‍යාග මුදලක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

අලුත් කඩේ අංක 05  මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ සිදු කළ වෙඩි තැබීම සඳහා වෙඩික්කකරුට ආධාර අනුබලදීමේ සිද්ධියේ සැකකාරිය වන පිම්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඇයගේ ඡායාරූපයක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

වයස අවුරුදු 25 ක් වන ඇය 243/1, මීගමුව පාර,ජයමාවත, කටුවැල්ලේගම ලිපිනයේ පදිංචිකාරනියක් වන අතර, ඇය පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0718591727 කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ දුරකතනයට හෝ 0718591735 කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කළේ, සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට හා එසේ තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය  ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...