පොලීසිය මාධ්‍යයෙන් සහය පතයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 20 කොළඹ (LNW):

ඊයේ (19) දින සිදු වූ ගණේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියේදී වෙඩික්කරුට ආධාර අනුබල දීමේ සිද්ධියේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතන අතර, සැකකාරිය පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට ත්‍යාග මුදලක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

අලුත් කඩේ අංක 05  මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ සිදු කළ වෙඩි තැබීම සඳහා වෙඩික්කකරුට ආධාර අනුබලදීමේ සිද්ධියේ සැකකාරිය වන පිම්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඇයගේ ඡායාරූපයක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

වයස අවුරුදු 25 ක් වන ඇය 243/1, මීගමුව පාර,ජයමාවත, කටුවැල්ලේගම ලිපිනයේ පදිංචිකාරනියක් වන අතර, ඇය පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0718591727 කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ දුරකතනයට හෝ 0718591735 කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කළේ, සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට හා එසේ තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය  ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...