ලෙඩාට දඩ වෙදාට ඉඩ

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 20,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් කළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ නියමයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දසුන් ශානකට ඇමරිකානු ඩොලර් 10,000 ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇත.මෙහි දී දසුන් ශානක තමන් අතින් විශ්වාසය කඩවීම සම්බන්ධයෙන් එකඟතාවය පළ කර ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවන්නට එකඟතාවයද පළ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ “ක්‍රීඩකයා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙය සිදු වූ අතර, එමඟින් ශානකට විවේක ගැනීමට නිර්දේශ කරන ලද අතර, එම නිසා ඔහු තරඟයේ ඉතිරි කාලයට සහභාගී නොවීය.“ ලෙස ද දක්වා ඇත.


එ් අනුව දසුන් ශානක මේ විනය චෝදනාවට ලක් වීම සඳහා ඉදරිපත් කර ඇති වෛද්‍ය නිර්දේශ සම්බන්ධයෙන් ද යම් සැකයක් ඇති වන අතර ඔහු විවේක ගැනීම අත්‍යවශ්‍යය සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දී සිටින බව නිර්දේශ කළ වෛද්‍යවරයා ද ආචාර ධාර්මික වරදක් කර ඇති බව පෙනෙන්නට ඇත.එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ද,ක්‍රිකට් පාළක මණ්ඩලය යම් තීරණයක් ගත යුතුය.අඩුම තරමේ දඬුවමක් නොවන්නේනම් අවවාද කිරීමක් හෝ සිඳු කිරීම වැදගත් වනු ඇත.


දසුන් විවේක ගැනීම අවශ්‍යය බවට වෛද්‍යවරයා නිර්දේශ කර පැය කිහිපයකට පසුව ඔහු ඉතාම යහපත් සෞඛ්‍යමය ගති ලක්ෂණ පෙන්වමින් ඩුබායි හී තරග වඳිනු සජීවීව දැක ගන්නට ලැබිණ.ශ්‍රී ලංකා ක්‍රිකට් රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එදා මෙදා තුර වැඩිම ව්‍යාප්තියක් කර පරිපාලනය ලෙස හැඳින්විය හැකි අතර මෙවැනි විනය ක්‍රියා මාර්ග ගැනීම ද වැදගත්ය.එහෙත් එහිදී ජනප්‍රිය තලයේ හමුවන පලය පමණක් නොව එය ඇතිවන හේතුව නිශ්ක්‍රීය කිරීම ද වැදගත් නිසා අප විශ්වාස කරන්නේ මෙහිදී ලෙඩාට පමණක් දඩ ගැසීම මෙන්ම බොරු ලෙඩක් මවා ඇත්නම් වෛද්‍යවරයාට ද ඒ සඳහා තව දුරටත් ඉඩ දිය යුතු නැති බවය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...