තෘප්තිමත් තාරුණ්‍යක්, නිවහල් චින්තනයක් වෙනුවෙන් පෙරනිමිති පෙන්වන අයවැයක්:සමාජවාදී තරුණ සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ (LNW):

වත්මන් රජය විසින් ඉදිරිපත් කොට ඇති අය වැය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වීමට සමාජවාදී තරුණ සංගමය මඟින් අද (20) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර සිටම මෙරට තරුණ තරුණියන් සමඟ එකට එක්ව කටයුතු කරන ස්වේච්ඡා තරුණ සංවිධානයක් ලෙස කාලයක සිට තාරුණ්‍ය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තම සංවිධානය විසින් ඉදිරිපත් කළ බවත්, මෙවර අය වැය මඟින් එම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති බවත්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ ප්‍රකාශ කර සිටියේ, ක්‍රීඩාව වෙනුවෙන් පසු ගිය ආණ්ඩු විසින් වෙන් කළ ප්‍රතිපාදනයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමත්, එම වැය ශීර්ෂයන් තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් සකසා ඇති වැඩපිළිවෙලත්, සංවිධානයක් ලෙස අගය කරන බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු, පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති තරුණ තරුණියන් වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩිපුර වෙන් කොට ඇති මිලියන 100 ක මුදල පිළිබඳවත්, ඔවුන් ඉලක්ක කර ගනිමින් අරමුණු සහගතව NVQ මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම වෙනුවෙන් දියත් කරලීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලත්, අගය කරන බව ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...