මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සැරසෙයි!

Date:

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සූදානම් වන බවයි.

එරට ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය පැවසුවේ භූ කම්පනය සිදුවූ සති දෙකක් පමණ ගතවී ඇති බව හා බොහෝ පළාත්වල සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති බවයි.

තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය උපුටා දක්වමින් මුදාගැනීමේ මෙහෙයුම් හෙට රාත්‍රියෙන් අවසන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙන අතර මරණ 40,642 ක් තුර්කියෙන් වාර්තා වන අතර සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,800 කි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී උතුරු, උතුරු-මැද...

ඔව්, අපිට සම්බන්ධ සමහරුත් මත්ද්‍රව්‍ය එක්ක අහුවුණා. අපි නීතිය ක්‍රියාත්මක කළා – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුවක්දණ්ඩාවේ සනා නමැත්තා...

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...