අවදානම් ගමනකට පෙර මදක් සිතන්න…

උඩුදුම්බර පොලීසිය ලැබුණු තොරතුරකට අනුව උඩුදුම්බර නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. අදාළ කන්ද තරණය කිරීමට ගොස් සිටි පිරිසක් අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී අතරමංව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව, එම පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කල අතර එහිදි අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව ඇත.

ඔවුන් මහනුවර, හෝමාගම, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...