එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුම සඳහා වන සාකච්ඡා අදින් ඇරඹේ

Date:

පසුගිය වසරේ සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුව විධිමත් එකඟතාවයකින් තොරව අත්හිටුවීමත් සමඟ එය නැවත ලෝකයේ සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් අද(20) වන දින සිට මාර්තු මස (03)වන දින දක්වා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ දැවැන්ත සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා ඒකාබද්ධ ගිවිසුමක් ඇති කිරීම වෙනුවෙන් සාකච්ඡා කටයුතු අරඹනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව සාගර සහ ජාත්‍යන්තර පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් මොනිකා මෙඩිනා පැවසුවේ මෙම ගිවිසුම තම රටට ප්‍රමුඛතාවයක් වන බවත් ග්‍රහලෝකයේ සාගරවලින් සියයට 30 ක් මෙන්ම එහි භූමිය සංරක්ෂණය සඳහා ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ මෑත කාලීන ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට ගෝලීය සාගර ගිවිසුමක් අවශ්‍ය බවත්ය.

මෙහිදී ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම, පතල් කැණීම, ප්ලාස්ටික් දූෂණය, දේශගුණික විපර්යාස, සහ අනෙකුත් මානව කැලඹීම් ව්‍යාප්ත වීම, නැව්ගත කිරීම සහ පතල් කැණීම වැනි වාණිජ කටයුතුවල පාරිසරික බලපෑම් තක්සේරු කිරීම, සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ වල මායිම් ඇඳිම සිදු කරනු ලබන ආකාරය හා මේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනුයේ කෙසේද? යන්න පිළිබඳව පුළුල්ව සාකච්ඡා වනු ඇත. ඒ හරහා සාගරීය කටයුතු වෙනුවෙන් මිනිස් බලපෑම් අවම කරමින් නව නීති පද්ධතියක්ද ප්‍රතිස්ථාපනය කරනු ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...