පුංචි ඡන්දයේ පෙත්සම කලින් කැඳවීමට වුවමනා නෑ – පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම මෝසමක් මාර්ගයෙන් කඩිනමින් කැඳවීමට අවශ්‍ය නොවන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දී තිබේ.

පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතව තිබුණු මෙම පෙත්සම මෝසමක් මගින් කඩිනමින් කැඳවීමට ඉල්ලා සිටියේ පෙබරවාරි 22, 23, 24 යන දිනයන්හි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබුණු නිසා බවත් මේ වනවිට එම තැපැල් ඡන්ද විමසීම කල්දමා ඇති බැවින් පෙත්සම කලින් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, පෙත්සම පෙර නියම කළ පරිදි 23 වනදාම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...