මුද්‍රණය කළ තැපැල් ඡන්ද පත්‍රිකා රහස්‍ය ලේඛන ගබඩාවේ – මුද්‍රණාලයාධිපතිනී ගංගානි

Date:

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසන්නේ, දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවයි.

ඇය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇති අතර, මින් රුපියල් කෝටි 7කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇති බවයි.

යම් විදියකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇති අතර, මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...