මෝස්තරේට විකල්ප තෝරන්න එපා. පොහොට්ටු අත්දැකීම මතක තියාගන්න – සජිත් (VIDEO)

Date:

මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලය දී අත්කරගත් ඉරණම පාඩමකට ගන්නා ලෙසත්, හුදෙක් කතාවලින් පමණක් රට පාලනය කළ නොහැකි බව දැන් ජනතාවට ඒත්තු ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට පත්ව ඇත්තේ බරපතළ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ රට ගොඩනැඟීමට සුන්දර වචනවලින් නොහැකි බව පැවසූ අතර බලය ලැබුණු පසු වැඩ කරන පිළිවෙල බලය නැතිව තිබියදීත් සමගි ජන බලවේගය ඔප්පු කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පිළියන්දල, බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අත්‍යවශ්‍යව පැවැති ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජීවිතය ප්‍රාර්ථනා කරමින් රෝහලට පැමිණෙන ගිලන් ජනතාවට අවශ්‍ය වන්නාවූ කටයුතු උදෙසාත්, ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු පිණිසත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන රට පුරා ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...