මෝස්තරේට විකල්ප තෝරන්න එපා. පොහොට්ටු අත්දැකීම මතක තියාගන්න – සජිත් (VIDEO)

Date:

මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලය දී අත්කරගත් ඉරණම පාඩමකට ගන්නා ලෙසත්, හුදෙක් කතාවලින් පමණක් රට පාලනය කළ නොහැකි බව දැන් ජනතාවට ඒත්තු ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට පත්ව ඇත්තේ බරපතළ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ රට ගොඩනැඟීමට සුන්දර වචනවලින් නොහැකි බව පැවසූ අතර බලය ලැබුණු පසු වැඩ කරන පිළිවෙල බලය නැතිව තිබියදීත් සමගි ජන බලවේගය ඔප්පු කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පිළියන්දල, බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අත්‍යවශ්‍යව පැවැති ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජීවිතය ප්‍රාර්ථනා කරමින් රෝහලට පැමිණෙන ගිලන් ජනතාවට අවශ්‍ය වන්නාවූ කටයුතු උදෙසාත්, ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු පිණිසත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන රට පුරා ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...