නිදහස් කුසලානයට ශ්‍රී ලංකාව සමීප වෙයි – අංජන සහ සඳුන් තවමත් අපරාජිතයි

Date:

මධ්‍යම ආසියානු රටවල් අතර පැවත්වෙන හැත්තෑපස වන නිදහස් සැමරුම අළලා සංවිධානය වූ නිදහස් කුසලාන වෙරළ වොලිබෝල් තරගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.කාන්තා අංශයේ දී මේ වන විටත් ජයග්‍රහණය සහ අනු සූරතාවය ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිත අතර එය තීරණය වෙනු ඇත්තේ දීපිකා බණ්ඩාර සහ දිනේෂා ප්‍රසාදිනීගේ කණ්ඩායම සහ ෂෙහානි අසංගා සහ නිර්මාණි සුලෝචනාගේ කණ්ඩායම අතර පැවත්වෙන අවසාන තරගයේ ප්‍රතිපල අනුවය.

පිරිමි අංශයේ තරගවලදී දෙවන දිනයේත් සිය අපරජිත බව රැක ගන්නට ශ්‍රී ලංකාවේ අංජන සංදීපන සහ සඳුන් මධුශංඛ සමත් විය.පිරිමි කාණ්ඩයේ අපරාජිත අනෙක් කණ්ඩායම වන්නේ මහදි මෆවුසි සහ අලි ගොර්බාන්පසදි ඇතුළත් ඉරාණ කණ්ඩායමය.අද අවසාන තරගයට පෙරාතුව සඳුන් සහ අංජන ශ්‍රී ලංකාවේ ඉන්දික ටිරෝන් සහ අශේන් රශ්මික සමඟ තරග වඳින්නට නියමිතය.ඒ දෙවන අවසාන පූර්ව තරගයේදීය.මහදි සහ අලි අනෙක් අවසාන පූර්ව තරගයේදී ඉරානයේම සිනා සොකාලි සහ මොජාබා අරෝ සමඟ තරග වදින්නට නියමිතය.අද අවසාන තරගයේ ජයග්‍රහණය තීරණය වන්නේ මේ තරග දෙකේ ජයග්‍රාහකයන්ගේ ගැටුමෙන්ය.

ශ්‍රී ලංකාව පැත්තෙන් මේ තරගාවලියේ දැනට ලබා ඇති වැදගත්ම ජයග්‍රහණය කාන්තා අංශයේදී ෂෙහානි අසංගා සහ නිර්මාණි සුලෝචනාගේ දස්කම් සහ පිරිමි අංශයේදි අංජන සන්දීපන සහ සඳුන් මධුශංකගේ දස්කම් ය.මේ කණ්ඩායම් යුගලය ශ්‍රී ලංකාව තරගයට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ තෙවන කණ්ඩායම් ලෙස වුව ද,ඔවුන් මේ දක්වා දක්වා තිබෙන දස්කම් ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ අනාගත ප්‍රශස්තභාවය වෙනුවෙන් පෙර ලකුණු දැක්වීමක්ය.

අද සූරියන් තීරණය කරන අවසාන තරගය පස්වරු 7.00 ට පැවත්වීමට නියමිත අතර සූරයන් තෝරන තරග පස්වරු 8.00 ට පැවත්වීමට නියමිතය.සමාප්ත උත්සවයේ ප්‍රධානියා ලෙස ජය සංඛේත ප්‍රදානයට එක් වීමට නියමිතව ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...