අපි නිහඬ නෑ විසඳුම් දෙන්න ආණ්ඩුවට සති දෙකයි දුන්නෙ – රවී කුමුදේශ්

Date:

දින 10 ක් පුරා පැවති වැඩවර්ජනය අත්හිටවූයේ සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ලබාදුන් පොරොන්දු මත බවත්, වර්ජනය අත්හිටවූ දිනයේ සිට දින 14 ක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් නැවතත් අඛන්ඩ වැඩවර්ජනයකට යන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

තමන්ගේ ඉල්ලීම් 07 න් 04 ක් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අතරමැදි එකඟතාවයකට පැමිණි නමුත් සෙසු ඉල්ලීම් 03 සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට පමණක් විසඳිය නොහැකි බැවින් ඒ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් අවශ්‍ය බවත් පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ මේ දක්වා ජනාධිපතිවරයා විසින් එවැනි කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බව පෙනී යන බවයි.

ඒ වෙනුවට අරගලය පාවා දුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සමග ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කරන ආකාරය දුටු බවත් කුමුදේශ් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එය කිසිසේත්ම සුදුසු තත්වයක් නොවන බවයි.

වෘත්තීය සමිති අරගලය ආරම්භ කළ පසු සාමාන්‍ය ජනතාව පිළිබඳව දැඩි අනුකම්පාවෙන් අදහස් දක්වන පාර්ශ්වවලට වෘත්තීය සමිති පෙන්වා දෙන ගැටලු විසඳීම සඳහා මැදිහත් විය හැකි බවත්, ගැටලු විසඳන්නේ නම් ජනතාවට අපහසුතාවයට පත්වන අන්දමින් වැඩවර්ජනය සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...