රුසියාව තුළ ප්‍රචලිත වන දේශීය ඇඟළුම්

0
257

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රුසියාව තුළ ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් රුසියානු ජාත්‍යන්තර සහයෝගිතා සංගමයේ සංචාරයක නිරත වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත.

රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති ව්ලැඩිමීර් පොලොස්කොව් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මරීනා කොරොස්ටලෙවා මහත්මිය විසින් ශ්‍රී ලංකා දූත පිරිස පිළිගෙන තිබේ.

මෙහිදී, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ සහ උප සභාපති වී.පොලොස්කොව් මහත්ම මහත්මීන් රුසියානුවන් බහුතරයකට බතික්, අත්යන්ත්‍ර රෙදි සහ අනෙකුත් ඇඟළුම් නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳව සිය අදහස් හුවමාරු කරගෙන තිබෙන අතර රුසියානු කෞතුකාගාර සහ චිත්‍රාගාරවල ප්‍රදර්ශන සංවිධානය කිරීම, මහා පරිමාණ රෙදිපිළි ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාව සහභාගී කරගැනීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ රුසියානු සන්නාම නිෂ්පාදනය කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඇඟළුම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉවහල් වන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ක්ෂේත්‍ර කෙරෙහි ද ඔවුහු සිය අවධානය යොමු කර තිබේ.

තේමිය Facebook
Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here