මීගමු වෙරළ ඇස හැඩ කළ සඳුන් අංජන සුවඳ නිදහස් කුසලානයට ගැල් වෙයි..?

Date:

Lanka News Web මධ්‍යම ආසියානු නිදහස් කුසලාන වෙරළ වොලිබෝල් තරගාවලියේ සුවිශේෂ ක්‍රීඩක දෙපළ ලෙස ආරම්භයේ සිටම සටහන් තැබූ අංජන සංදීප සහ සඳුන් මධුශංක අද පස්වරුවේ නිදහස් කුසලානය දිනා ගැනීම සඳහා වන අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.ඒ, මේ තරගාවලියට ශ්‍රී ලංකාව අංක 1 කණ්ඩායම ලෙස නම් කළ ඉන්දික ටිරෝන් සහ අශේන් රශ්මික සමඟ පැවති අවසාන තරගයේදී ආබාධයකට ලක් වූ ඉන්දික නිසා එම කණ්ඩායම තරගයෙන් ඉවත්වීම නිසාය.

ටිරෝන් ඉන්දික සහ අශේන් රශ්මික අවසාන පූර්ව තරගයේ ප්‍රථම වටය ජය ගත්තත්,ඉන්දික දෙවන වටයේ ආබාධයට ලක් වෙද්දී ඉදිරියෙන් සිටියේ අංජන සහ සඳුන් ය.

පැවති අනෙක් අවසාන තරගයේදී සඳුන් සහ අංජන හැරෙන්නට අපරාජිත බව රැකගෙන සිටි ඉරානයේ මහදි මෆවුසි සහ අලි ගොර්බොන්පසදි ඉරානයේම ශිනා සොකාලි සහ මොජබා අරෝ වෙතින් පරාජයට පත් විය.ඒ අනුව මේ තරගාවලියේ මේ දක්වා අපරාජිත එකම පිරිමි කණ්ඩායම අංජන සහ සඳුන් නියෝජනය කරන කණ්ඩායමය.එසේම ඔවුන්ට අවසාන තරගයේ දී හමුවන ඉරානයේ ශිනා සහ මොජබා මූලිික වටයේ දී අංජනට සහ සඳුන්ට පරාජය වී තිබීම ඉරාන ක්‍රීඩකයන් වෙත පීඩනයක් වෙනු ඇත.එබැවින් ශ්‍රී ලංකා වෙරළ වොලිබෝලයේ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි ජයග්‍රහණයක් සටහන් කළ අලුත්ම පිරිමි කණ්ඩායම බවට අංජන සහ සඳුන් පත්වීමට ඇති ඉඩ සුවිශාලය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...