රටේ තත්වය ගැන ඉතාම කණගාටුයි – මෛත්‍රී

0
452

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු යහපත් දේට උපරිම සහයෝගය දක්වන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ තිබෙන අඩුපාඩු පිළිබඳව විවෘතවම කතා කිරීමටද පසුබට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේදී පැවති ශ්‍රීලනිප වන්නි දිස්ත්‍රික් සමුළුවට සහභාගිවෙමිනි.

වර්තමානයේදී රටේ තිබෙන තත්වය සම්බන්ධයෙන් ඉතාම කණගාටුදායක බවත්, විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වන ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන බරපතල ගැටලු කණගාටු වන බවත් ඔහු ප්‍රකාශ කරනවා. අතීතයේදී උතුරු පළාත හැඳින්වූයේ සහල් නැළිය ලෙස බව සිහිපත් කරන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ නිසා උතුරේ ජනතාවට එම ගැටලු වඩාත් බලපාන බවයි.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සියලු ගැටලුවලට විසඳුම් සෙවීමට සමත් ශක්තිමත් පක්ෂයක් බවට ශ්‍රීලනිපය පත් කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here