ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානය අනතුරු අඟවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ඉතාම අවසනාවන්ත ලෙස ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ඒ මන්දපෝෂණය හේතුවෙන් බව ඔවුන් පෙන්වා දෙයි.

ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ, වළක්වා ගත හැකි මරණ මේ වන විට නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දෛනිකව මිය යන පලස්තීන දරුවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වේ.

ජගත් සංවිධානය සදහන් කරන්නේ, එවැනි පසුබිමක ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් ද දරුවන් මිය යාමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවයි.

ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම හරහා දරුවන් විවිධ රෝගාබාදයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ප්‍රජාව සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කළ ද ඔවුන් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුවේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීන වැසියන් 29000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 69000කට අධික බව විදෙශ් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...