10%කින් විදුලි බිලේ අඩු වීමක්?

Date:

කොළඹ LNW:දැනට පවතින විදුලි බිලෙන් 10%ක පමණ අඩුවීමක් සිදුකිරීමට යෝජිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව විදුලි බිල අඩුකිරීමට සම්බන්ධ නව යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මේ වන විට වැඩි ප්‍රමාණයක් විදුලිය නිපදවෙන්නේ ජාල විදුලියෙන් වුවද පවතින වියළි කාළගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් කෙසේවෙතත් ජාල විදුලිය නිපදවීමටද කළමනාකරණයකින් සිදුවන බවයි කියවුණේ.

අද පාර්ලිමේන්තුවේ දී අදහස දක්වමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතාද විදුලි බිල අඩුවීම සම්බන්ධයෙන් ඉඟි පළකරන ලදී.

අමාත්‍යවරයා පැවසුවේ මීට පෙර අඩුකළ ප්‍රමාණයට වැඩ වැඩි ප්‍රමාණයක් මෙවර අඩුකිරීමට හැකියාව පවතින බවයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මෙන්ම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන් වගේම විදුලිබල කේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයින් ඇතුළු 40කට ආසන්න පිරිසක් යෝජනා ලබා ගත් බවද විජේසේකර මහතා කියාසිටියේය.

ඒ අනුව සියලු අදහස් එකතු කරගනිමින් ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට හෝ අනිද්දා මහජන උපයෝගිතා කොමිසමට භාර දෙනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...