වෛරය පරික්ෂාවට ලක් වුණු තැනෙක ආදරය බෙදා දෙන්නට පුහුණු කිරීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 21,(Linwood)කොළඹ :

ඕමන්තෙයි මුර පොළ උතුරු නැඟෙනහිර යුද්ධය මතක අයට අමතක නැත.කිකලවකවත් මේ යුද ඉතිහාසයේ ආරක්ෂක මුර පොළක් ලෙස ඕමන්තෙයිට තිබුණු වගකීම වෙනත් කිසිඳු මුරපොළකට නොතිබිණ.යාපනයෙන් කිනම් කටයුත්තකට ආව ද,කිනම් කටයුත්තකට එහි ගිය ද ඕමන්තෙයි රැඟෙන යන සබ්බ සකලමානාවම ගෙන පරීක්ෂා කිරීමේ පෝළිමට එක් විය යුතුව තිබිණ.


එම ආරක්ෂාවේ අරමුණ ප්‍රධාන වශයෙන්ම වෙන් වී තිබුණේ රටේ දේශපාලනික ව්‍යහුය විසින් ඇති කරන ලද ජාතිවාදී පීඩනයත්,එහි උතුරේ නියෝජනය ලෙස තෝරා ගත් උතුරේ ධනපති සහ කලීනයන්ගේ දේශපාලන කඳවුරේ පාච්චල් සැළකිලිවලටත් පිළිතුරු දෙන්නට ප්‍රභාකරන් කෙනෙක් මතු වීමය.ඔහු ද ජාතිවාදී තැනෙකම දේශපාලනිකව මේරු අදහසක් නොතිබි නිසා සිරව සිටියේය.ඒ වෛරය විසින් නිර්මාණය කරන ලද සිත් පිත් නැති වෛරී ප්‍රකාශ දකුණේ තැන තැන පිපිරෙන්නට ආවේ,ඕමන්ත පැන්කෛාහොමද යන පැනය ද සිත් තුළ උපදවමින්ය.


යුද්ධය හා බැදුණු,මරණ තොරතුරු නිතර දෙපසින්ම ඕමන්ත හරහා ගමන් කළ,බිය,සැක සහ වෛරය තිබුණු බිම අද ආදරණීය ක්‍රියාකාරකම්වල පසුබිම් කතාව නිර්මාණය කරමින් ඇත.ඒ නිසා ඕමන්තෙයි හී සිට ගලා ආ ත්‍රස්තවාදී ක්‍රියාවලට වඩා සෙමින් වැඩුණු ආදරණීය වෙනස් කිරීමක් ඕමන්ත ක්‍රීඩාවට ඇති බව හැඟෙන්නේය.යුද්ධයෙන් ඉනික්බිති උතුරට බොහෝ කොන්ක්‍රීට් ඉදිකිරීම් ලැබිණ.ඒත් ඒවා බොහෝ විට කාගේ හෝ පසුමිබියට මුදල් ගිය ඉදිකිරීම්වලින් එහාට සමාජයට දැනෙන භෞතික සහ අධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කරන වැඩබිම බවට පත් වුණේ අඩුවෙන්ය.


වවුනියාව ඕමන්ත ක්‍රීඩා සංකීරණය මත උතුර දකුණ අතර වෛරය හුවමාරු වේ දැයි පරික්ෂා කිරීම වෙනුවට ජය පරාජය සම සිතින් දරා ගත හැකි ක්‍රීඩාවේ ඉහළ මානුෂීය ගුණාංග මෙන්ම,එහි ශරීර ලාලිත්‍යය පෝෂණය කරන වැඩබිමකට පදනම සකස් කරන වැඩ සටහනක් සිඳු විය.ඒ ශ්‍රී ලංකා බැඩිමින්ටන් මෙහෙයවීමෙන්ය.ක්‍රීඩාව නිසි පරිදි පුහුණු කරන පිරිසක් උතුර හරහා නිර්මාණය කිරීමේ උවමනාවෙන් අදියර 1 පුහුණු පාඨමාලාවක් එහි පැවත්වුණේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ, පුහුණු සහ සංවර්ධන කමිටු සභාපති බුද්ධික ද සිල්වාගේ මෙහෙයවීම යටතේය.පුහුණුකරුවන් 25 ට ආසන්න පිරිසක් ඊට සහභාගි විය.


ගෝලීය දැණුම කරා ලාංකේය බැඩ්මින්ටන් පුහුණුකරුවා රැඟෙන යාම ඉහළ මට්ටමේ ක්‍රිඩකයෙක් නිර්මාණය කිරීමේ පදනම ලෙස හැඳින්විය හැකිය.ඉහළ තාක්ෂණික දැණුම සහ ස්වීය විවිධ හැදෑරීම් ද,පෞද්ගලික නිර්මාණශීලි චින්තන ධාරාවේ පෝෂණයද සහිතව වැඩෙන්නට සහ ගමන් කරන්නට හරි මඟක් පුහුණුකරුවාට අවශ්‍යය වන බැවින්,එහි මූලිකාංගවලට බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා අත්‍යවශ්‍ය අවබෝධය සහ තාක්ෂණික දැණුම ලබා දීම හරහා බැඩ්මින්ටන් පුහුණු කිරීම සඳහා අවශ්‍යය වෘත්තීයමය සාක්ෂරතාවය පුළුල් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් රැඟෙන යන වැඩ සටහන් අතර ඕමත්ත වැදගත් වන්නේම ඒ හා බැදුණු ඉතිහාසය නිසාමය.


අවි සටන් පුහුණුව මේ රටේ දෙකොණම නිල සහ නොනිල වශයෙන් සිඳු වූ ඉතිහාසයක තීරණාත්මක සාධකයක් වූ තැනෙක මිනිසුන්ට අනෙකා ඉවසමින්,දක්ෂයට ගරු කරමින්,පරාජය නැවත නැඟිටින්නට අවශ්‍යය උත්තේජනයක් බවට සාක්ෂාත් කරමින්,ප්‍රතිවාදියාව ආදරයෙන් වැළදගන්නට පුරුදු කරන වැඩ බිමක් බවට යුද්ධයේ පීඩාව තවමත් හරියටම නිමා නොවුණු බිමකට ක්‍රීඩාව පුහුණුකරන්නට පුහුණුකරුවන් පුහුණු කිරීම යන්න,සමාජයට ආදරය පුහුණු කරන්නට මිනිසුන් පුහුණුකිරීමේ වැඩක් බව අපි විශ්වාස කරන්නෙමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...