හදිසියේම රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි?

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

උන්වහන්සේ පසුගිය 10 වනදා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබුණු අතර,ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇති බව සඳහන් වේ.

තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම් එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...