සිංගප්පූරුවේදී විරේන් අවසාන අටට සහ රනිත්මා අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 21,(LNW)කොළඹ :

සිංගප්පූරුවේ පැවත්වෙන SBH Singapore International Challenge 2025 බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ අර්ධ අවසන් පූර්ව වටයටත්,කාන්තා අංශයේ දී රනිත්මා ලියනගේ ත් අවසාන 16 දෙනාගේ වටයේ තරග සඳහාත් සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිනවා


මේ තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිමි ක්‍රීඩකයින් තිදෙනෙකු සහභාගි වූ අතර විරේන්ට අමරතව රසිඳු හෙන්දහේවාත්, දුමිඳු අබේවික්‍රමත් තරගාවලිය නියෝජනය කරනු ලැබුවා.ඔවුන් මුහුණ දුන් පළමු තරගයෙන් පරාජය වුවත්,ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනාගෙන් කිසිවෙක් සුදුසුකම් ලැබීමේ වටයට නො‘පිවිස මුල් ක්‍රීඩකයින් 64 දෙනා අතර තරග කිරීමට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාව ලබා ඇති ප්‍රගතිය පෙන්වන ජයක් හැටියට හඳුන්වන්නට හැකියි.
විරේන් මේ දක්වා සහභාගි වූ තරගවලදී මැලේසියාවේ ජොසුවා යන්ග් ලකුණු 21-16 සහ 21-19 ක් ලෙස ද,චීන තායිපේ රාජ්‍යය නියෝජනය කරන වැන්ග් – යූ කායි ලකුණු 21-17,23-25,21-17 ලෙස ද පරාජය කරන්නට සමත් වුණා.අවස්න 16 දෙනාගේ වටයෙන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඔහු විසින් පරාජය කරනු ලැබුවේ ඔන්ග් ෂි යී යි.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 6-21,21-18,21-13 ලෙසයි.ඔහු අර්ධ අවසන් පූර්ව වටයේදී තවත් චීන තායිපේ ක්‍රීඩකයෙකු වන චෙන්ග් ටී ටිඈන්ග් ට මුහුණ දීමට නියමිතන සිටිනවා.


රනිත්මා ලියනගේ අවසන් 16 අතරට පැමිණියේ ඇයට වඩා වසර 6 ක් පමණ වැඩිමහල්,24 හැවිරිදි ඉන්දියාවේ පූර්වා බ්‍රේව් පරාජයට පත් කරමින් වන අතර රනිත්මා එම තරගය ලකුණු 13-21,2115,
22-20 ලෙසයි.ඇය 16 දෙනාගේ වටයේදී චීන තායිපේ ක්‍රිඩිකා හුන්ග් යී ටිඈන්ග් මුණ ගැසීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...