ගණේමුල්ල සංජීව ඝාතනයට පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය මහරගම පොලිසියට කොටුවෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

පෙරේදා ඝාතනයට ලක්වූ, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී ඇති අතර , ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට පුද්ගලයෙක් මහරගම ප්‍රදේශයට පැමිණ තිබේ. පොලීසිය විසින් එම පුද්ගලයාවද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත එම අත්අඩංගුවට ගැනීම් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...