පෙරටුගාමී දෘෂ්ටිවාදයේ පසුගාමී කරුමය ….

0
3

පෙරටුගාමීන් ජ.වි.පෙ.න් කැඩිලා වෙන්වෙන්නෙ මධ්‍යමකාරක සබාවෙයි දේශපාලන මණඩලයෙයි බහුතරයකුත් රැගෙනය.. නමුත් ඒ ඉවත්වුනු දේශපාලන මණ්ඩලේ සහ මධ්‍යමකාරක සබාවේ සියල්ලන්ම පාහේ ජනතාව දන්නා ප්‍රසිද්ද චරිත නොවේ..

එබැවින් පෙරටුගාමීන්ගේ කැඩී වෙන්වීම ජ.වි.පෙ.න් වීරවංශගෙ කැඩී වෙන්වීම තරම්වත් විවෘත සමාජයට දැනුන එකක් නොවීය..

බොහෝ විට පසුගිය සමයේ රතු ඇඳගෙන පෙරටුගාමීන්ගේ කල විරෝධතාද මහා සමාජය හැඳින්වූයේ ජේ.වී.පී. එකේ වැඩ ලෙසය.. හැත්තෑ ගනන්වල සිටම ජ.වි.පෙ. නොදන්න පුරවැසියන් ලංකාවේ නොසිටියද දැනුදු ලංකාවේ පෙරටුගාමී පක්ෂය යනුවෙන් පක්ෂයක් ගැන නොදන්නා අය ඕනෑතරම් සිටී..

මේ සන්දර්බය තුල පසුගිය “ගෝඨාගෝ” අරගලය තුල පෙරටුගාමීන් කල වැඩකොටසේ ශුද්ධ ලාබය ගියේ ජ.වි.පෙ.ට ය..

මෙසේ වීමට එක් හේතුවක් වූයේ රතු හැඳගත් ජේ.වී.පී. යක් මිස රතු හැඳ අරගල කරන පෙරටුගාමීන් යැයි පිරිසක් ජනතාව නොදැන සිටීමයි, අනිත් එක දැනගත්තත් ඉතාම කුඩා පක්ෂයක්වු පෙරටුගාමීන්ට දෙන සෑම ආන්ඩු විරෝධී චන්දයක්ම් අපතේයන චන්දයක් ලෙස එදා මිනිසුන් සිතූ බැවින් .

වර්තමානයේ මාළිමා ආන්ඩුව එකතැන බිඳවැටුනද දැන් එයට පිළිසරනට ඇති එකම දෘෂ්ටිවාදය නම් “කන්ට නැතිව මලත් පරන එවුන්ට දෙන්නෙ නෑ” යන දෘෂ්ටිවාදය පෝෂනය කිරීමය..

පෙරටුගාමීන් මේ කරමින් සිටින්නේ එයයි..

ඔවුන් මෙසේ කිරීමට හේතුව ජ.වි.පෙ. බිඳවැටෙන විට ජනතාව ඊලඟ වාරයේ පෙරටුගාමීන්ට බලය දෙතැයි දැන් ඔවුන්ට පෙනෙන දවල් හීනය නිසාය..

නමුත් සිදුවන්නේ වෙනත් දෙයකි.. මාළිමාව අසාර්ථක වන විට ජනතාව දකින්නෙ එය වාමවාදයේ ගැටලුවක් ලෙසය.. මාලිමාවේ අසාර්ථකබව වමේ ගැඨළුවක් ලෙස දකින් ජනයා අතර දෙමුහුන් පක්ෂක් වන මාළිමාවට වඩා අප්‍රසාදයට ලක්වන්නෙ උග්‍ර වාමාංශිකයන් වන පෙරටුගාමීන් වැන්නන්ය..

ඇත්තේන්ම මෙය පෙරටුගාමීන්ගේ ඉරණමේම ඇති උගුලකි.

එදා “ගෝඨාගෝ” අරගලය තුල තමා කරන වැඩ කොටසේ ලාබය ලැබෙන්නේ ජ.වි.පෙ.ට බව දැන දැනම ඔවුන්ට එදා අරගලයට සක්‍රීයව දායකවීමට සිදුවිය.. අද ඔවුන් මේ ගේන දෘෂ්ඨිවාදයේ ලාබයද ලැබෙන්නෙ ජ.වි.පෙ.ට බව කලින් දැන ගත්තද ඔවුන්ට මෙය නොකර බැරිය. හේතුව ඔවුන්ට අනුව කලින් බලයේ සිටි පක්ෂ සියල්ල සමාජවාදයේ හතුරාවන ධනවාදයේ පක්ෂවේ..

ඇතැම්විට මෙය පෙරටුගාමීන්ගේ සියතින්ම ගෙල සිඳගන්නා මූලෝපායක්ද විය හැකිය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ