මට වෙඩි තිබ්බ එක ගැන බෞද්ධයින් කුලප්පු වුණා හොඳටම මදි – අම්පිටියේ සුමන හිමි

Date:

පසුගියදා තමන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකථනයෙන් හෝ සොයාබැලුවේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පමණක් බව මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමි පවසයි.

අසාධාරණයට එරෙහිව, නැගෙනහිර පළාතේ බෞද්ධයින් වෙනුවෙන් සටන් වදින තමන්ට සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධයින් නිහඬව සිටීම කණගාටුවට කරුණක් බවයි එහිමි සඳහන් කරන්නේ.

එසේම මෙම වෙඩිල්ල මහනුවර හෝ දකුණේ භික්ෂූන් වහන්සේ නමකට එල්ල වූයේ නම් තත්වය මීට වඩා වෙනස් බවත් සුමන හිමියන් ප්‍රකාශ කළ අතර තමන්ට වෙඩි තැබුවේ කුමන දේශපාලන පක්ෂයෙන්දැයි සෙවිය යුතුයැයි බොරු පුවත් නිර්මාණය නොකර සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙසත් එහිමි රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරු තමන්ගේ ඥාතියෙකු යැයි සමාජගත කිරීමට ආරක්ෂක අංශ උත්සාහ දරණ බවට ද සුමන හිමි චෝදනා කළේය.

අම්පිටියේ සුමන වැඩවාසය කරන කාමරයට පසුගියදා නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර එහිමියන් කාමරයේ සිට ඇති නමුත් අනතුරක් සිදුව තිබුණේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...