වාමවාදී ශිෂ්‍ය අරගලකරුවන් පවසන පරිදි වර්තමානයේ “නිදහස් අධ්‍යාපනය” නැමති අධ්‍යාපන ක්‍රමවේදය නිරුපද්‍රිතව පවතින්නේ ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ ශිෂ්‍ය වීරයන් දිවි පුදා එය රැකගත් නිසාය. මෙහිදී ඔවුන් මේ දිවිපුදා රැක ගත්තා යැයි කියවෙන “නිදහස් අධ්‍යාපනය” යනු කුමක්දැයි යන්න විග්‍රහ කරගැනීම මාගේ මේ ලිපියේ සරළ අරමුණ වන්නේය.
අධ්‍යාපනය පෞත්ගලික කරණය කල විට එය තනි රාජ්‍ය ඒකාධිකාරයෙන් මිදෙයි. එවිට අධ්‍යාපනය ලබාදෙන ආයතන කිහිපයක් හෝ ගනනාවක් නිර්මාණය වී අධ්‍යාපනය ලබාදීම සඳහා වෙළඳපොල තරඟයක් ඇතිවේ. මේ වෙළඳපොල තරඟයෙන් ජය ලැබීමට නම් සෑම ආයතනයකටම සෙසු ආයතන අබිබවා ගිය ප්‍රසස්ථ සේවාවක් සැපයීමට සිදුවේ.
මෙවන් තත්වයක් තුල ඔවුන්ට උක්ත විෂය නිර්දේශ සකස් කිරීමට වන්නේද ගෝලීය ශ්‍රම වෙළඳ පොල ඉලක්ක කරගනිමින්ය. මෙහිදී වෙළඳපොල තරඟයෙන් යහපත් ප්‍රතිලාබ ලබාගැනීමට නම් විෂය නිර්දේශ ඒ ඒ මොහොතට ගැලපෙන සේ ඔවුන්ට යාවත්කාලීන කිරීමටද සිදුවේ.
විශේෂයෙන්ම එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ ගෝළීය කර්මාන්තකරණය හා යාවජීව ක්‍රියාවලියක් ලෙසින්ය. නමුත් රාජ්‍ය එකාදිකාරය යටතේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය තුල මේ කිසිවක් සිදු නෙවේ. සත්‍ය ලෙසම මෙහිදී වැයවෙන මහජන බදුමුදල් පවා අපයෝජනයට ලක්වේ.
මේ නිදහස් අධ්‍යාපනය යන ප්‍රවාදය තුල ඇත්තේ සමාජවාදය ලෙස පටලවාගත් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයේ යල්පැන ගිය අභ්‍යාසයකි. මෙවන් අභ්‍යාසයක එකම ප්‍රතිපලය තත්කාලීන (ගෝළීය) ශ්‍රම වෙළඳපොලට අදාල නැති යාවත් කාලීන නොවූ නිසරු විෂය නිර්දේශයකට ජීවිතයේ මුල් දශක එකහමාර දියකර ගත් මිනිසුන් පිරිසක් බිහිවීම පමණි.
මෙහිදී උදාහරණයක් ගන්නේ නම් ලාංකීය සරසවි පද්දතිය තුල පවත්වාගෙන යන ඉංජිනේරු උපාධි යනු ඉතාම පැරණි විෂය නිර්දේශ වලට අනුව සැකසුන කිසිදා යාවත්කාලීන වීමකට බාජනය නොවූ පාඨමාලාවන්ය. මේ තත්වය නිසා නව්‍ය තාක්ෂණය තුල ලංකාව තුල සිදුවෙන හයි රයිස් බිල්ඩින් වැනි මහා ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉංජිනේරුවන් පිටතින් ගෙන්වාගැනීමට සිදුවී තිබේ. මෙහිදී ලාංකීය සරසවි පද්දතිය තුලින් පිටවන ඉංජිනේරුවන් සඳහා ඉල්ලුම ඇත්තේ වසර ගානක් තිස්සෙ එකතැන පල්වෙන යල්පැන ගිය රාජ්‍ය ආයතන තුල පමණි.
තවත් පැත්තකින් මේ නිදහස් අධ්‍යාපනය හරහා බිහිකරන කලා, වානිජ වැනි විෂය දහරාවන් තුලින් නිර්මාණය කරන උපාධි ධාරීන් යනු ඉගෙනුම අහවර කිරීමෙන් පසු කිසිම පලදායී සේවයකට යොදාගත නොහැකි පොතේ උගතුන් පිරිසකි. පෞත්ගලික අංශයේ රැකියා ලබාදෙන්නේ අතිරික්ත වටිනාකම් උත්පාදනය කලහැකි (පලදායි නිශ්පාදනයක් කලහැකි) වෘතිකයන්ට පමණි. මෙහිදී මේ කලා උපාධිධාරීන්ට පෞත්ගලික අංශයේ රැකියා නොලැබේ. හේතුව මේ කලා උපාධිදාරීන්ට පලදායි සේවාවවක් ලබාදිය නොහැකි අතර නමුත් ඔවුන් රැකියා සෙවීමේදී උපාධියට හිමි ප්‍රබූ වරප්‍රසාද බලාපොරොත්තු වීමයි. මේ තත්වය තුල කලා උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව රජයේ ගරු රැකියාවක් ඉල්ලා කරන උත්ඝෝසන උපවාස ජල ප්‍රහාර බැටන් ප්‍රහාර වලට මුහුණ දීම් වැනි අනිවාර්ය පස්චාත් අභ්‍යාසයක් කිරීමටද මේ උපාධි දාරීන්ට සිදුවේ.
රජයේ උපාධියක් කලොත් රජයේ රැකියාවක් දිය යුතුමය යන ලාංකීය පසුගාමී සමාජ මනෝබාවය නිසාත්, තැපැල් චන්ද මල්ල පුරවාගන්නා මැතිවරණ පොරොන්දුවක් ලෙසත් පමාවී හෝ මොවුන්ට රජයේ රැකියා ලැබේ. නමුත් මෙහිදී මොවුන්ට ලැබෙන රැකියාවල හෝ, මොවුන් විසින් සපයන සේවයේ හෝ පළදායි තාවයක් නොමැත. එහෙයින් රාජ්‍ය ආර්ථිකය බංකොලොත් වීමට මේ ක්‍රියාවලිය ඉඳුරාම හේතුවී ඇත.
කිසිදු පලදායී තාවයක් නැති යාවත්කාලීන නොවූ උපාධියක් කරේ තියන් ඉහල ජීවන තත්වයක් සොයමින් අතරමං උන මෙවන් උපාධිදාරීන් බිහිකිරීම සම්බන්දව පෙරකී නිදහස් අධ්‍යාපනය ඊට වගකිව යුතුය. මෙහිදී මේ උපාධිදාරීන් යෙදවිය හැකි එකම තැන පාසල් ගුරු සේවයයි. එහිදීද ඔවුන්ගේ කුසළතා සහ පලදායීතාවය නොපෙන්නුවද ඔවුන්ගේ රැකියාවන්ට කිසිදු හානියක් සිදු නොවේ. (ඒවා මරනෙන් මතු ද දූදරුවන්ට පවා විශාම වැටුප් ලැබෙන සදාතනික රැකියාවන් වේ)
මේ වෘතීන් අද වන විට උදෑසන 7.30 සිට පස්වරු 2.30 දක්වා කාලය කා දමන වෘතීන් බවට ඌනනය වී ඇත. මේ තත්වය තුල එක් පැත්තකින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විශාල බදු ප්‍රමාණයක් ගෙවද්දී තවත් පැත්තකින් ඒ බදු මකර කටට යවමින් ඒ දෙමාපියන්ටම ටියුෂන් කළු කඩ වලට විශාල මුදලක්ද ගෙවීමට සිදුව ඇත.
රාජ්‍ය ඒකාදිකාරී අද්‍යාපන සිස්ටම් එක ධරුණු වඳපීදීමකට ලක් උනුවිට සහ ඒ හිස් තැනට විධිමත් පෞත්ගලික අද්‍යාපන සිස්ටම් එකක් පැමිණීමට එරෙහි විරෝධතාවයක් ද පවතින විටද ඒ අතරින් අති දැවැන්ත කලු කඩ අද්‍යාපන මාපියාවක් මතුවීම සාමාන්‍ය තත්වයකි. මෙහිදී මුතුගල, ජනනායක වැනි කළුකඩ බිලියනපතියන් යනු නිදහස් අද්‍යාපනයේම අවජාතක ප්‍රකාශන මිස වෙන අන් කවරක්වත් නොවේ.
නමුත් මෙහි ඇති උබතෝකෝටිකය නම් අධ්‍යාපනය පෞත්ගලික කරනය කිරීමට එරෙහි වන්නෝ මේ අවිදිමත් ටියුෂන් කළුකඩ මාපියාවල් වලට එරෙහි නොවීමයි.
අපේ රටට අවශ්‍ය සුළු හෝ විදේශ විනිමයක් උපයාගන්නේ විදේශ ශ්‍රම වෙළදපොලට අවශ්‍ය නුපුහුණු ශ්‍රමය ආයාත කිරීම හරහාය. වාර්ශිකව අති විශාල මුදලක් පෙරකී නිදහස් අද්‍යාපනය උදෙසා වැය කලද පුහුණු ශ්‍රමය හරහා අපට කිසිදු විදේශ විනිමයක් උපයාගත නොහැකි වී ඇත. වාමාංශික ශිෂ්‍ය අරගලය කරුවන් විසින් දිවිපුදා රැකගත්තායැයි කියන නිදහස් අධ්‍යාපනයේ ඇත්ත හෙළුව එසේය.
අද්‍යාපනය ලබාදීම රාජ්‍ය ඒකාධිකාරයක් යටතට පත්වූ විට එහි පලදායීතාවය ප්‍රශ්න කිරීමට ලක්වන්නේ අඩුවෙනි. විශේෂයෙන්ම එයින් අධ්‍යාපනය ලබාගන්නේ අධ්‍යාපනය සඳහා මුදලක් ගෙවීමට නොහැකි පරාදීන සමාජයක් විසින් බැවින් ඔවුන් එකි ප්‍රශ්න කිරීමේ අයිතිය පිළිඹඳව දන්නේ හෝ නැත.
නමුත් අද්‍යාපනය පෞත්ගලික කරනය කිරීම තුල එහිදී අධ්‍යාපන සේවය සපයන පෞත්ගලික ආයාතන විසින් තමන්ගෙන් සේවය ලබන පාරිභෝගිකයන්ට වගකිව යුතුමය, මන්ද එසේ නොවුවහොත් පාරිභෝගිකයන් වෙනත් තැන් වලට ඇදි යාහැකි බැවින්. වෙළඳපොල තරඟය වැදගත් වන්නේ එහිදීය.
ඒ අනුව නිදහස් අධ්‍යාපනය යනු ලාංකීය සමාජ ආර්ථික පසුගාමීත්වයේම පලයක් මිස දිවි පුදා රැකගන්නා ලද්දක් නොවේ.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN