මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරණ ඒකාධිපතිවාදි උත්සාහයක්: කාදිනල් හිමි

0
287
Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරණ ඒකාධිපතිවාදි උත්සාහයක් බවයි.

මෙම පළාත් පාලන මැතිවරණය පමණක් නොව අනාගතයේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ අහෝසි කොට දමා ඒකාධිපති පාලන ක්‍රමයක් වෙත රට ඇද දැමීමේ ඉතා භයානක පූර්වාදර්ශයක් බවට පත්වීමේ අවදානමක් ඇති කරන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

රාජ්‍ය නිලධාරීවාදය සහ දේශපාලන බලධාරීන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික මිනිස් අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය කෙරෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය සතු ප්‍රසාදයට දරුණු ලෙස හානි සිදුවනු ඇති බව ද කාදිනල් හිමි පවසති.

එහෙයින් ජනතා පරමාධිපත්‍ය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතත්ත්‍රවාදය, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සහායද ආරක්ෂා කරගැනීමට මේ මොහොතේ නොපැකිලිව ඉදිරිපත්වීමට සියලු දේශපාලන පක්ෂ, සිවිල් සිවිල් සංවිධාන, ආගමික නායත්වය ඇතුළු සියලු පුරවැසියන්ගේ වගකීම හා යුතුකම බව අවධාරණය කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

රෂිකා හෙන්නායක