ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට (RDB) නව සභාපතිවරයෙක්

2023 පෙබරවාරි 15 ​​දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස L. E. සුසන්ත සිල්වා මහතා පත් කර ඇත.

2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 11(2), 11(3) සහ 12(1) වගන්ති ප්‍රකාරව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් හා අනුමැතිය පරිදි භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

මීට පෙර සුසන්ත සිල්වා මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අතර, පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස රවී විජේගුණවර්ධන මහතා එම තනතුරට පත් විය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු...

එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි !

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව විසින් එක්සත්...

හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර….

ලසන්ත ද සිල්වා හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට...